Friday, July 27, 2018

හුස්ම


ඒ මීට අවුරුදු අවුරුද්දකට විතර කලියෙන්. මේක සිද්ද උනේ මගේ යාලුවෙක් ට. උගේ නම මනුරංග. අපි විහිලුවට කිව්වෙ ...ම්බා කියල. උගේ විනොදාන්සෙ උනේ සති දෙහෙකට විතර සැරයක් ඔය කොහේ හරි බඩු පොට් එහෙකට රිංගන එක. ඒ වගේම ඔය මනුරංගය ජොයින්ට් පප්ප. ඒ වගේම ජාන වලින්ද මන්දා ආපු හරි ළාමක ලපටි පෙනුමක් තිබ්බ උට. අපේ අම්මල , පහළ ගෙදර ඇන්ටි , ඒ ගෙදෙට්ට අල්ලපු ඇන්ටිත්  ඌ දැක්කම වර්ණනා කරනවා ඌ හරි සීදේවි කොල්ලෙක්ය කියල… ඇත්ත .. උගේ පුරුදු වල පොඩි අවුලක් තිබ්බට කියල වැඩක් නෑ හරිම හිත හොඳ එකා… ඔය කතාවක් තියෙනව නෙහ් හිත හොඳ උන්ට ඉක්මනට ම කෙල වෙනවැයි කියල.. මූ ඒකට කියාපු උදාහරණයක්.

දවසක් අපි ගියා තුම්මෝදර කියල පැත්තකට. තියෙන්නෙ අවිස්සාවේල්ල තෙත්බිම් උද්‍යානයට කිට්ටුව. ලස්සන දියඇලි එහෙමත් තියෙනව පාඩුවේ ගිහින් නාල කරල ඒ පරිසරෙත් පරිස්සම් කරලා එන්න පුළුවන්. හරි නිස්කලංකයි වටේටම රබර් වතුයි , අතරින් පතර තේ වගායි. මායිමකින් ලබුගම කලටුවාව රක්ෂිතය. ආඳා වල නාච්චිමලේ ඒත් ඔය කිට්ටුවට වෙන්න තියෙන්නෙ. ටිකක් දුරින්…

ඔන්න නාල කරලා පොඩි ගල්තලාවකට  වෙලා අපි ඉන්නව. ඈතින් කොහෙන්ද මන්දා වතුර පාරක් ගලාගෙන යනව ඇහෙනවා. අඩේ ..ම්බෝ මේහ් උඹ 250 හේ කෑල්ලක් නේද ගෙනාවෙ? ළඟ හිටපු ටිකිරි ඇහුව. අපි උට ටිකිරි කිව්වෙ උගේ වාසගමේ මොකක් හරි ටිකිරි කෑල්ලක් තිබ්බ හින්ද. අරූ හිනා වෙලා ගත්තා රුපියල් පහේ සොපින් එහෙක බොහොම පරිස්සමට ඔතල තිබ්බ බාන්ඩ ටික…

ටිකිරි කොහේදෝ මන්දා අත්තක වහල හිටපු කුරුල්ලෙක් දිහා බලං හිනා වෙනව. මේ අස්සේ මං දැක්ක මනුරංගයගෙ අවුලක්. ඌ නිකන් නිල් වෙලා වගේ බලාගත්තු අත බලං ඉන්නව. උගේ ඇඟේ  අමුත්තක් තිබ්බත් ඒ වෙලාවේ , ඒ මොකද්ද කියල තේරුම් ගන්න තරම් මීටරේක  මං හිටියෙත් නෑ. ඕං එක පාරටම අපිත් එක්ක හිටපු අනිත් එකා , දඩෝරියා , හිනාවෙන ගමන් කළු ගල පහලට රෝල් වෙලා ගියා. උගේ අතපය ගන්න දෙයක් නෑ ලෙලි ගිහිං. පපු පැලෙන ගානට  හිනා වෙවී ම අපිත් අමාරුවෙන් පහලට බැස්ස. දඩෝරියා ඒත් හිනා වෙනව…



මේ සිද්දිය වෙලා දවස් දෙකකට විතර පස්සෙ මනුරංගයව මට නුගේගොඩදී හම්බුණා අහම්බෙන්. ප්ලේන්ටියක් බොන්නයි ආගිය තොරතුරු කතා කරන්නයි  එක්ක ගියා පහළොවේ කඩේට. 

ඕයි එදා දඩා තුවාල වුනේ මතකයි නෙහ්??
හම්මට නැත්නං ඉතිං, උඹට මතකද ඌ ලේ පෙරාගෙනත් ආතල් එකේ හිනා  වේවි හිටිය. හතුරෙකුටවත් වෙන්න හොඳ නෑ බං , ඒ උනාට ඌ වැටුන සීන් එකෙන් අපිට  ආපු ආතල් එක උඹට මතකනේ…

ඔව් බං ඒත් දඩා ඒ වෙලාවේ මගේ ජීවිතෙත් බේරුවා කියල හිතුන බං…
ඒ මොකෝ බං මනුරංග , මොකෝ සීන් එක , මොකෝ උනේ?

යකෝ ඌ වැටෙන්න කලින් මට හුස්ම ගන්න විදිය මෙහෙමයි කියල අමතක වෙලා තිබුනේ.
තව පොඩ්ඩෙන් මැරෙනව !


2 comments: