tag:blogger.com,1999:blog-69632559483240422232024-03-13T20:13:13.171-07:00පඩත්තර රයිටිංvidura weerasinghehttp://www.blogger.com/profile/10466510029213102106noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6963255948324042223.post-20389138700274295762018-09-17T05:34:00.000-07:002018-09-17T15:55:51.269-07:00කෙටියෙන් යථාර්ථය
මහණෙනි,
යමෙක් ධර්මය දකී ද හේ පටිච්චසමුප්පාදය දකියි.
යමෙක් පටිච්චසමුප්පාදය දකී ද හේ මා දකියි.
දකින්න.. අවිද්‍යාව නිසයි සංස්කාර හටගන්නේ...සංස්කාර නිසයි විඥානය(සිත) හටගන්නේ...සංස්කාර කියන්නේ මොනවද?... ඒ තමයි ඉපදීමට හේතු...feelings..thoughts..actions...කෙටියෙන් අටලෝදහමින් සිදුවන ධන රින දේවල්....හරි...දැන් මේවා ඇතිවීමට හේතුව මොකක්ද?... ඔව්...අවිද්‍යාව... අවිද්‍යාව කියන්නේ මොකක්ද?....අවිද්‍යාව තමයි දුක... දුකට හේතුව...දුක නැති කිරිම...දුක නැති කිරීමේ මාර්ගය නොදැනිම,නොතේරීම....එහෙනම් මුලින්ම අපි හොයාගන්න ඕනේ අවිද්‍යාව නැති කරන්නේ කොහොමද කියල... ඇත්තටම දුකට හේතුව මොකක්ද...ඔව්..දුකට හේතුව තමයි තණ්හාව...තණ්හාව ඇති වෙන්නේ කොහොමද?...තණ්හාව ඇති වෙන්නේ ඕනෑම දෙයක් මගේ කියලා ගත්ත තැන...එහෙනම් කොහොමද තණ්හාව නැති කරන්නේ?... තණ්හාව නැති කරන්නේ හැමදේම ඇත්ත ඇති හැටියෙන් දැකීමෙන්...ඒ කොහොමද?..
ලුජ්ජති ... පලුජ්ජති ... ලෝකෝ.
ලෝකය කැඩෙනවා...බිදෙනවා...එකතු වෙන්ව...ලෝකය කියන්නේ වෙනස් වීම...වෙනස් නොවන දෙයක් මේ ලෝකේ නැහැ...අපි දකින හැම පුංචි තප්පරයක් ඇතුලත ශුද්ධාශ්ටක (තදබව,තෙත්බව,වයුබව,උෂ්ණත්වය,රස,පාට,සුවද,ඔජාරු බව තියන තවත් බෙදිය නොහැකි කුඩාම අංශුව) ලක්ෂ කොටිවාරයක් ඇතිවෙලා ඉදලා නැති වෙලා යනවා...reform form & deform... අපේ ශරීරය වගේම...ලෝකයත් ඒ විදිහටමයි....මේ වෙනස් වීම ,එක විදිහකට නැති වීම නොතේරෙනකොට අපි මේක එහෙම්මමයි,සදාකාලිකයි කියලා අපි ගන්නවා....තණ්හාව ඇති වෙනවා...එක තේරුණා කෙනා මේ හැමදේම අනිත්‍යයි කියල දකිනවා....දැකලා සාමාන්‍ය ජිවිතේ ගත කරනවා...අනිත්‍ය දකින කෙනාට සාමාන්‍ය ජිවිතේ මිනිස්සු ගන්න තරහ, ආතල්, පොලිටික්ස්, ගේම්ස්, කනේක්ෂන්ස්, පුංචි විහිළුවක් විදිහට දැනෙනවා...ඒ වගේම මේක නොදකින් , ජිවිතේ ගැටෙන අය දැකල අනුකම්පාවක් ඇති කරගන්නවා...
අනිච්චාවත සංකාරා
සියලු සංස්කාර නැසෙන සුළුයි
ඉතින් මේ විදිහට වෙනස් වෙන හැමදෙයක්ම දැක්කාම,මේ වෙනස් වෙන හැමදෙයක්ම සදාකාලිකයි කියලා ගත්ත තැන තණ්හාව ඇති වෙනවා කියලත්, ඒ නිසාම නැති වෙන වෙනස් වෙනකොට දුකක් ඇති වෙනවා කියලත්, මේක වෙනස් වෙනවා කියල දකින කෙනා දකිනවා.... එක දුකක් කියලා හරියටම එයා දකිනවා.... thoughts, feelings, actions වෙනස් වෙද්දී ඒ දුක ඇති වෙන්නේ ඒ නිසා ....තණ්හාව නිසා.... එතැනදී මේ පටිච්චසමුප්පාදය කියන භව දම්වැලේ මුල් පුරුක වෙච්ච අවිද්‍යාව ඇති වෙන්නේ තණ්හාව නිසාමයි කියලා නුවනින් දකිනවා...
මම මගේ මගේ අත්මය
ඉතින් ඒ විදිහට මේ වෙනස් වෙන දේවල් වෙනස් වෙනවා කියලා දකින්නබැරි වුන නිසා;තණ්හාව ඇති වුන නිසා; දුක හටගත්තා නේද ...එත් එහෙම එන දුක උනත් අනිතයි නේ...ඒ දුක කොහොමද අපිව සංසාරේ ඉපදෙන්න හේතු වෙන්නේ?... අන්න එතැනදී අපි මේ වෙනස් වෙන්නේ නෑ කියන එකත්...වෙනස් වෙද්දී එක එහෙමයි kකියලා දකින්න බැරිකම නිසා ඇති වෙච්ච නිසා ඇති වුන දුකත්, දෙකම මගේ, මම, මගේ සරීරය,මගේ හදවත, මගේ කදුළු , මගේ වේදනා කියලා ගන්නවා...එහෙම අරන් එයා හිතනවා..අද මෙහෙම උනාට හෙට හොදවෙයි, හෙට සතුට ලැබෙයි, අර එදා සතුට අයි ලැබෙයි, මේ ආත්මේ නැතත්, ඊලග ආත්මේ හරි කියල එයා හිතනවා..එයා වර්තමානයේ දැන් දුක සන්සිදොනවා...අනාගත සංස්කාරය (උපදින්න හේතු) ගොඩක් එකතු කරගෙන.... ඇයි ඒ ? මේ වෙනස් වෙන හැමදේම වෙනස් වෙනවා... මේක එහෙම නෑ කියන තැන දුකක් ඇති වෙනවා... එත් මට මේ වෙන දේවල් වෙනස් කරන්න බැහැ...මට මේ වෙන සිදුවීම් සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න..control කරන්න...මට බැහැ...එහෙනම් මට පාලනය කරන්න බැරි දෙයක් මගේ වෙන්නේ කොහොමද....මම වෙන්නේ කොහොමද...මගේ ආත්මයක් වෙන්නේ කොහොමද....එහෙනම් මම කියන්නේ illusion එකක් නේද...අනාත්මයි නේද....කියලා තේරුම් ගන්නවා....
දැන් මේ වර්තමානයේ ඇති වෙන සංස්කාර (ඉපදෙන්න හේතු) ඇති වෙන්න හේතුව අවිද්යාවනම්, අවිද්‍යාව ඇති වෙන්න හේතුව තණ්හාවනම් , තණ්හාව නැති වෙන්නේ අනිත්‍ය දුක්ක අනාත්ම ලෙස මේ ලෝකේ ඇති හැම actions, thoughts, feelings දකින්න බැරි උනාමනම් , එහෙනම් කරන්න ඕනේ මොකක්ද... මේ හැම මොහොතකම අනිත්‍ය දුක්ක අනාත්ම බව දකින එක... එහෙම දකිද්දී...දකිද්දී මුලින්ම වැඩෙනවා ඉබේම හරිම කරුණාවක් , මෛත්‍රියක්, ඇති වෙනවා මේ ලෝකේ ගැන.ඉතින් මෛත්‍රිය භාවනාව ඉබේම ඇති වෙනවා.තවත් දකිද්දී මරනානුස්මතිය නිකන්ම වැඩෙනවා....අයි ඒ ...අපිත් මේ විදිහටම කොයි මොහොතක හරි වෙනස් වෙලා යනවා නේද කියලා හිතෙන්න ගන්නවා...එහෙම දකිද්දී එයා අප්රමාදී වෙනවා...මොකද මේ ඉහලට ගත්ත හුස්ම පොද පහලට වැටෙද්දී මැරෙන්න පුළුවන් කියලා දැනෙනවා..දන්නවා..
එහෙම දකිනවා කියන්නේ භයේ ජිවත් වෙන එකද? හිතන්න.. අයි තිරිසන් සතෙක් දෂ්ට කරන්නේ...අයි කන්න පනින්නේ...තමන්ගේ ජිවිතේට තියන භය නිසාම නෙවෙයි ද....තමන්ගේ ජ්විතේ ආරක්සා කරගන්න තියන භය නෙවෙයිද ....ඇයි මනුස්සයෝ උනත් බැනගන්න....ගහගන්න එන්නේ.... ඒ නිසාමයි භය නිසා...මරනානුස්මතියේ ඉන්න කෙනාට ජිවිතේ ගැන භයක් නැහැ ...ඒ නිසාම ඉබේම එයාගේ සතර සෘද්ධිපාද වැඩෙනවා...ආයුෂ වර්ධනය වෙනවා...කරුණාව මෛත්‍රිය නිසා ආලෝක කසින වැඩෙනවා....ආලෝක කසින නිසා තේජෝ දාතුව වැඩෙනවා...ඇස කන නාසය දිව ශරීරය තියන සත්තු එයාට කරදර කරන්න එන්නේ නැහැ මොකද එයාගේ තේජෝ දාතුව අනිත් අයගේ තේජෝ දතුවට වඩා වැඩි නිසා... (කසින ,දාතු,සෘද්ධි ගැන පස්සේ කියන්නම්)
අවිද්‍යාව = චතුරාර්ය සත්‍ය නොදනිම = සංස්කාර (සංසාරයට කාරක වෙන දේවල්) = විඥාන (හිත)
දුකට හේතුව තණ්හාව ,දුක නැති කිරීම ත්රිලක්ෂණය (අනිත්‍ය දුක අනාත්ම).දුක නැති කිරීමේ මාර්ගය (ත්රිලක්ෂණයේ පිහිටීම =ආර්ය අෂ්ටන්ගික මාර්ගය )
ඉතින් මේ විදිහට අප්රමාදී වෙන අනිත්‍ය දුක අනාත්ම දකින කෙනා කරුණාවෙන් මරනානුස්මතියට ඇවිත් හිතනවා මම කියල මැරෙන්නේ මොකාද කියල එතකොට දකිනවා මම කියලා කියන මේ සරීරය නේද කියල...දැන් කාලේ ඉතින් YouTube තියනවා...ඒ කලේ open cemetery තිබ්බා 😄... YouTube එකේ human body decay, human body bisection, sky burial වගේ ඒවා සර්ච් කරාම ඇග බලාගත හැකි.. google එකේ real human body, real nervous system, real digestive system වගේ සර්ච් කරපුවම ඒවත් බලාගන්න පුළුවන්... samsara 2011 , samsara 2001, little buddha වගේ ෆිල්ම්ස් බැලුවාම තවත් හොදයි.
ඉතින් එයාට ඉබේමසතර සතිපට්ටානය වැඩෙන්න ගන්නවා .
මහණෙනි,ධර්මය අවබෝද කරනු කැමති ශ්රාවකයා
බලවත් උත්සහයකින් යුතුව, වටහාගැනීමේ නුවනින් යුතුව, තමන් විසින් මවාගෙන තිබෙන ලෝකයේ ඇති ලෝබය දෝමනස, බැහැර කොට ශරීරය පිලිබදව මනාකොට අවබෝදය යොමු කිරීමෙන් මේ සරිරයේ පවතින් සැබෑතත්වය අවබෝදයෙන් සකිමින් වාසය කරයි..ඒ වගේම සැප දුක උපේක්ෂා ගැනත් අවදානය යොමු කරමින් එහි ඇති සැබෑ තත්වය දකිමින් වාසය කරයි.ඒ විදිහට සිත පිලිබදව මනාකොට අවදානය යොමු කිරීමෙන් මේ ගැන ඇත්ත ඇතිසැටියෙන් සකිමින් වාසය කරයි.ඒ විදිහට ජිවිතේ ගැනත් යතාර්තවදිව දකිමින් වාසය කරයි.
ඉතින් මේ විදිහට ගනිද්දී කාය (body),චිත්ත (thoughts),වේදනා(feelings), ධම්ම (actions) විදිහට සතිපට්ටානය වඩනවා ....ශරීරයක් දකිද්දී එක ඇත්තටම මොකක්ද...ලොකු පුකක්, පපුවක්, ලොකු පොල්ලක්,ලස්සන පුසෙක්,ලස්සන තොලක්, ලස්සන ඇස්දෙකක්, දිලිහෙන සමක්, දැක්ක තැන මස් ගොඩක් ලේ ගොඩක්. කටු ගොඩක්...නහර ගොඩක් ..ඊ ඔක්කොම ශුද්ධාෂ්ටක ගොඩක්... වෙනස් වෙනවා..කියලා දකිනවා...අර youtube එකේ බලපු ඒවා මතක් වෙනවා...අර කුණු වෙන සරිරේ මතක් වෙනවා...එකේ අතුල මතක් වෙනවා...අර ටිබෙට් වල ඉන්න ගිජුලිහිණියෝ ඒ මස් බඩවල් කටු විතරක් ඉතුරු වෙනකන් අද අද කපු හැටි මතක් වෙනවා...මැස්සෝ ඇවිත් පිලව් දාලා පිලව් කාලා පොළොවට දිරවෙන ඒ සරීර මතක් වෙනවා....ඒ සරිරයි මගේ සරිරයි...මම මේ දකින සරිරෙයි එහෙමම වෙනවා කියල දකිනවා...හිත ඇතුලේ පුංචි හිනාවක් පහල වෙනවා...ඒ හිනාව පොඩි නැහැ ...මේ විදිහට දකින්න ගනිද්දී හරියටම මුලදී...තේරුම් ගිය ගමන්... ඉල ඇට වලට එකපාරම දැනිලා නැති වෙලා යන අර බුත සිතල, මුළු ඇග පුරාම දැනෙන්න ගනියි...සමහර විට ඒ සතුට ඔයාව බය කරන්නත් පුළුවන්...එත් හිතන්න මේ සතුටත් අනිත්‍යයි කියල....ඊට පස්සේ දිගටම මෙහෙම දකින්න එක බහුල වසයෙන් හිතන්න ගත්තාම ඔයාට එක පුරුදු වෙන්න ගනියි ...සමහර විට ටික ටික...මොකද අපි සංසාරේ කල්ප මිලියන ගනක් ගත්ත සැපක් එහෙම අත්හරින මිනිස්සු නෙවෙයිනේ...පිට පනියි..වැරදියි...එත් ඒ වෙලාවට හිතාගන්න..මේකත් අනිත්‍ය වෙලා යනවා කියල...එහෙම හිතල අයිත් මාර්ගෙට එන්න...
ලෞකික ලෝකෝත්තර ධ්‍යාන
මෙහෙම දකිද්දී මහා අමුතු කායික සැපක් ආකාර 5කින් ඔයාට දැනෙයි.ඒ ප්‍රථම ධ්‍යානයයි.
මේක සැපක් ඒ සැපත් අනිත්‍ය වේලා යනවා කියලා දකින්න ..
දකින්න මෙතෙක් කල් සිදුවුණු හැමදේම අනිත්‍ය වේලා ගිය බව...හිතන්න වර්තමානයේදී අතීතය අංශු මාත්‍රයක් විදිහට අනිත්‍ය වේලා යන බව...දැනගන්න අනාගතයේ ඇතිවෙන ඒ සංස්කාරත් ඒ විදිහටම අනිත්‍ය වෙනවා කියල...එතකොට අයි මම අතිතයේ දේවල් මතක් වේලා පසු තැවෙන්නේ? අයි අනාගතේ ගැන මම ප්‍රර්ථනා හදන්නේ?... ඒ වෙන දෙයක් නිසා නෙවෙයි... සෝවාන් වුනේ නැති නිසයි තාම....සෝවාන් උන කෙනාට අතීත සංස්කාර නැවත මතක් උනත් එක අනිත්‍ය වේලා යන දෙයක් කියලා ඒ ක්ෂනයේදීම සිහියට එනවා...අනාගතය ගැන සිතිවිල්ලක් අවනම් එක ඒ මොහොතේම අනිත්‍යයි කියල දකිනවා...වර්තමානය කියන්නේ අතීතයටත් අනාගතයටයත් හේතු වෙන බිදෙන කඩෙන යලි ඇති වෙන සන්සකරයේ පුත්‍රයා වෙන විඥානයමයි (හිතයි) කියලා දකිනවා...හිත තියෙන්නේ මොලේවත් හදවතේවත් විතරක් නෙවෙයි ඇසෙ කනේ දිවේ සරිරයේ හිතේ මොලේ හැමතැනම තියන දෙයක් කියලා එයා දැනගන්නවා....එයා තව දුරටත් අවිද්‍යාවක් ඇති කරගන්නේ නැහැ...එයාට ඒ නිසා සංස්කාර ඇති වුනත් අනිච්චාවත සංකාරා කියලා දන්නවා දකිනවා...ඒ නිසා අනාගත සංස්කාර එයා රැස් කරන එක එයා අඩපන කරනවා.... හැම ක්‍රියාවක්ම එයා සතිපට්ටානය තුල කරනවා...එයා සෙක්ස් කරත් එයා යතාරුපිව සෙක්ස් කරනවා...එයා බිව්වත් එහෙමයි...එයා කෑවත් ,තරහ ගතටත් එහෙමයි... එයා අතින් වෙන ක්රියාවෙත් වුන ක්රියවෙත් වෙච්ච ක්රියාවේත් අනිත්‍ය එයා දකිනවා... එයා තව අත්ම හතකට එහා මේ සංසාරේ ඇවිදින්නේ නැහැ....එයාට අපාය හිමි නැහැ...මොකද විදවන්න හේතු වෙන විඥානායක් කයක් එයාට හිමි වෙන්නේ නැහැ ඉස්සරහට....
එහෙමයි බුදු තාත්තා අපිට දේශනා කලේ...ඒච්චර දෙයක් අපිට කියල දෙන්න උන්නාන්සේ වින්ද දුක අපමණයි...උන්නාන්සේ මේ ලෝකෙට බිහි නොවෙන්නේ අපි හැමෝම තාමත් සසරේ....උන්නාන්සේ දැන් මේ සංස්කාර ලෝකේ තවත් නැහැ....උන්නාන්සේගේ ඇට මස් ලේ නහර වලින් හැදුනු ඒ සරිරේ දැන් අනිත්‍ය වේලා ගිහින්...උන්නනේසේ විඥානය නැවත නාමරූපවලට ඇලෙන්නේ නැහැ...ඒ නිසා ඇස කන නාසය දිව සරීරය හටගන්නේ නැහැ, සලායතන නිරෝදයි...ඒ නිසා ගැටීමක් නැහැ,පස්ය නැහැ....ඒ නිසා ගැටීමක් නැති තැන වේදනාවක් නැහැ...වේදනාවක් දැනීමක් නැති තැන තණ්හාවක් නැහැ...තණ්හාව නැති තැන මම මගේ මගේ ආත්මය කියල ගැනීමක් නැහැ....ආත්මය නැති තැන මම නැති තැන...නැවත හටගැනීමක්,උප්පත්තියක්, සරිරයක් ලැබිල ලෙඩ රෝග වේදනාව දුක් දොම්නස් ජරාව මරණයක් නැහැ...ඉවරයි....ඒ තමයි අපේ බුදු පියාණන් වහන්සේ....ඒ තමයි අපිට පාර පෙන්නපු කෙනා..
පුංචි සැපක් ලබාගන්න සල්ලි ගෙවල් දරුවෝ ගැහැණු පිරිමි වාහන හොයන්න ලොකු පුංචි වංචාවත් මහා පොඩි විභාගවත් පාස් කරපන් නෙවෙයි පුතේ, උබ ලෝකෝත්තර සැපය ලබාගනින් කියලා ඔවදන් දුන්න,
ලෝකේ ඔක්කොම තමන්ගේම දරුවෝ වේලා , තමන්ගේම අම්මල වේලා,තාත්තලා වේලා ,සහෝදර සහෝදරියෝ වේලා, ආදරයන් වේලා, මේ මහා මුහුද තරම් කදුළු ලේ මස් හලපු බව දැක්ක භාව නිරෝදය දැක්ක කෙනා.පාර කිව්වා කෙනා.
ඔන්න එහෙනම් බුද්දානුස්සතියත් වැඩුවා.
.......මේක හරියට මහා කන්දක් නගිනවා වගේ වැඩක්...උඩට යන්න ඕනෙනම් බඩු ලොට් එක ටික ටික අතාරින්න ඕනේ...සියල්ල අතරපු කෙනාටම විතරයි ඇත්තටම මුදුන සිපගන්න පුළුවන්...
Anonymoushttp://www.blogger.com/profile/15682067607476227228noreply@blogger.com0tag:blogger.com,1999:blog-6963255948324042223.post-23716219829234158522018-07-27T08:17:00.001-07:002018-07-27T08:40:46.085-07:00හුස්ම
ඒ මීට අවුරුදු අවුරුද්දකට විතර කලියෙන්. මේක සිද්ද උනේ මගේ යාලුවෙක් ට. උගේ නම මනුරංග. අපි විහිලුවට කිව්වෙ ...ම්බා කියල. උගේ විනොදාන්සෙ උනේ සති දෙහෙකට විතර සැරයක් ඔය කොහේ හරි බඩු පොට් එහෙකට රිංගන එක. ඒ වගේම ඔය මනුරංගය ජොයින්ට් පප්ප. ඒ වගේම ජාන වලින්ද මන්දා ආපු හරි ළාමක ලපටි පෙනුමක් තිබ්බ උට. අපේ අම්මල , පහළ ගෙදර ඇන්ටි , ඒ ගෙදෙට්ට අල්ලපු ඇන්ටිත් ඌ දැක්කම වර්ණනා කරනවා ඌ හරි සීදේවි කොල්ලෙක්ය කියල… ඇත්ත .. උගේ පුරුදු වල පොඩි අවුලක් තිබ්බට කියල වැඩක් නෑ හරිම හිත හොඳ එකා… ඔය කතාවක් තියෙනව නෙහ් හිත හොඳ උන්ට ඉක්මනට ම කෙල වෙනවැයි කියල.. මූ ඒකට කියාපු උදාහරණයක්.
දවසක් අපි ගියා තුම්මෝදර කියල පැත්තකට. තියෙන්නෙ අවිස්සාවේල්ල තෙත්බිම් උද්‍යානයට කිට්ටුව. ලස්සන දියඇලි එහෙමත් තියෙනව පාඩුවේ ගිහින් නාල කරල ඒ පරිසරෙත් පරිස්සම් කරලා එන්න පුළුවන්. හරි නිස්කලංකයි වටේටම රබර් වතුයි , අතරින් පතර තේ වගායි. මායිමකින් ලබුගම කලටුවාව රක්ෂිතය. ආඳා වල නාච්චිමලේ ඒත් ඔය කිට්ටුවට වෙන්න තියෙන්නෙ. ටිකක් දුරින්…
ඔන්න නාල කරලා පොඩි ගල්තලාවකට වෙලා අපි ඉන්නව. ඈතින් කොහෙන්ද මන්දා වතුර පාරක් ගලාගෙන යනව ඇහෙනවා. අඩේ ..ම්බෝ මේහ් උඹ 250 හේ කෑල්ලක් නේද ගෙනාවෙ? ළඟ හිටපු ටිකිරි ඇහුව. අපි උට ටිකිරි කිව්වෙ උගේ වාසගමේ මොකක් හරි ටිකිරි කෑල්ලක් තිබ්බ හින්ද. අරූ හිනා වෙලා ගත්තා රුපියල් පහේ සොපින් එහෙක බොහොම පරිස්සමට ඔතල තිබ්බ බාන්ඩ ටික…
ටිකිරි කොහේදෝ මන්දා අත්තක වහල හිටපු කුරුල්ලෙක් දිහා බලං හිනා වෙනව. මේ අස්සේ මං දැක්ක මනුරංගයගෙ අවුලක්. ඌ නිකන් නිල් වෙලා වගේ බලාගත්තු අත බලං ඉන්නව. උගේ ඇඟේ අමුත්තක් තිබ්බත් ඒ වෙලාවේ , ඒ මොකද්ද කියල තේරුම් ගන්න තරම් මීටරේක මං හිටියෙත් නෑ. ඕං එක පාරටම අපිත් එක්ක හිටපු අනිත් එකා , දඩෝරියා , හිනාවෙන ගමන් කළු ගල පහලට රෝල් වෙලා ගියා. උගේ අතපය ගන්න දෙයක් නෑ ලෙලි ගිහිං. පපු පැලෙන ගානට හිනා වෙවී ම අපිත් අමාරුවෙන් පහලට බැස්ස. දඩෝරියා ඒත් හිනා වෙනව…
මේ සිද්දිය වෙලා දවස් දෙකකට විතර පස්සෙ මනුරංගයව මට නුගේගොඩදී හම්බුණා අහම්බෙන්. ප්ලේන්ටියක් බොන්නයි ආගිය තොරතුරු කතා කරන්නයි එක්ක ගියා පහළොවේ කඩේට.
ඕයි එදා දඩා තුවාල වුනේ මතකයි නෙහ්??
හම්මට නැත්නං ඉතිං, උඹට මතකද ඌ ලේ පෙරාගෙනත් ආතල් එකේ හිනා වේවි හිටිය. හතුරෙකුටවත් වෙන්න හොඳ නෑ බං , ඒ උනාට ඌ වැටුන සීන් එකෙන් අපිට ආපු ආතල් එක උඹට මතකනේ…
ඔව් බං ඒත් දඩා ඒ වෙලාවේ මගේ ජීවිතෙත් බේරුවා කියල හිතුන බං…
ඒ මොකෝ බං මනුරංග , මොකෝ සීන් එක , මොකෝ උනේ?
යකෝ ඌ වැටෙන්න කලින් මට හුස්ම ගන්න විදිය මෙහෙමයි කියල අමතක වෙලා තිබුනේ.
තව පොඩ්ඩෙන් මැරෙනව !
vidura weerasinghehttp://www.blogger.com/profile/10466510029213102106noreply@blogger.com2tag:blogger.com,1999:blog-6963255948324042223.post-79934667265356195442017-06-03T21:45:00.000-07:002017-06-03T21:46:36.408-07:00 මඩ නාගත් දරුවා - මට හමුවුණු මිනිසුන් 3 කොටස
මේ මෙගේ ජිවිතේ තුල හම්බු උණු තවත් අපූරු චරිතයක් ගැන කතාවක් . හැබැයි මේ පාර නම් ලියන්නේ පොඩි කොල්ලෙක් ගැන...
"අපිට මාළුවෙක් ඕනේ..."
හැමදාම අපේ ගෙවල් පාරෙ යද්දි මම අහන්න බලාපොරොත්තු වෙන වචන ටිකක් තියෙනව...
"...අයියෙ අපිට මාළු නැද්ද?.... අපිට මාළුවෙක් ඕනේ... කෝ ඔයාලෑ අම්ම..."
මම හැමදාම පාරෙ යනකොට ඈත තියාම මගෙ ලඟට දුවගෙන එන මේ පොඩි කොල්ල අහනව..
"...කෝ ඔයා ජෑම් බෝතලයක් අරං එන්නකෝ මම දෙන්නන් හෙට ගප්පි පැටව් ටිකක්..."
එහෙම කියන මම හිනාවක් දාගෙන අපේ ගේ පැත්තෙ පාරට හැරෙනව. මම ටික දුරක් යද්දි ඈතින් ඇහෙනව ආයෙත් ඒ පොඩි කොල්ලගෙ හඬ...
"...බායි අයියේ... අපිට මාළු ගෙනත් දෙන්න..."
ගමනෙන් හෙම්බත් වෙලා ඉන්න මම ඒ දිහාවත් නොබල අත වනාගෙන හයියෙන් ගමටම ඇහෙන්න බායි කියාගෙන යනව...
මේ පුංචි දරුව ජිවත් වෙන්නෙ අපූරු පරිසරයක. ඒ කිව්වේ ගොවිපලක. අපේ ටවුමේ නෝනලා මහත්තුරුන්ට නං ඉතිං මේක අපූරු පරිසරයක් වෙන්නෙ නැති වෙයි ගොඩක් දුරට. මී හරක් ගාලක්, පාර පුරා ඇවිදින කුකුල්ලු, බොහොම හොඳට හිලෑ වුනු බල්ලෝ ජෝඩුවක්, එළුවො... මේ වගේ සත්තු ගොඩක් එක්ක තමා මේ දරුව ජිවත් වෙන්නෙ...
මේ දරුවගේ තාත්තා ජිවතුන් අතර නෑ. තාත්ත ගේ අභාවයෙන් පස්සෙ, මීහරක් පට්ටියේ වගකීම පැවරුනේ මේ දරුවගේ අම්මට. රැයක් දවාලක් නැතිව මීහරක් පට්ටියත් එක්ක ඔට්ටු වෙන ඇය හැබෑ දිරිය කාන්තාවක්. මේ දරුවට තව ඉන්නව ආච්චි කෙනෙක් ඒ වගේම සහෝදරියකුත්...
"...අයියෙ අර මාළු මැරුණ... මම උන්ව අතගෑව ආදරේට..."
දවසක් මම පාරෙ යද්දි සුපුරුදු හඬ ඇහෙන්න ගත්ත...
"...හයියෝ ඇයි අතගෑවේ.... උන්ගේ හම තුවාල වෙනව ඇති..."
හිතට ආපු පොඩි දුකක් හංගන් මම කියාගෙන ගියා.
ඔන්න ඔය වගේ තව දවසක්.. මම වෙනද වගේම ඒ දරුව ඉන්න ගෙදර ගාවින් අපේ ගෙදරට හැරෙද්දී, මේ දරුවා දුවන් එනව කුකුලෙකුත් අතේ අරං අයියේ කියාගෙන (මම ඉතිං ෆොටෝ එහෙකුත් ගහගත්ත - උඩ පින්තූරේ බලන්නකෝ).
"..අයියේ මේ මගෙ යාලු කුකුල් පැටියෙක්... මං ඌව ආදරේට ඇති කරනව..."
දූවිල්ල නාගත්ත මේ පොඩි දරුව හිනා වේවි කියන්න ගත්ත.
තව දවසක් හොඳටෝම වැහැලා වැස්ස පායලා. ඔන්න එදත් මම ආව දෙවට පාර දිගේ අපේ ගෙවල් වලට යන පාර අහුවෙනකන්. මේ පොඩි කොල්ල ඔන්න ආයෙමත් ඈත ඉඳන් දුවන් එනව මඩ නාගෙන. කකුල් දෙකේ වළලුකර හරියට යනකං ගොම ගාගෙන. ඔන්න ආයෙමත් පුරුදු කතාවම කියනව...
"..අයියෙ අපිට මාළු නැද්ද? ... අර ලොකු මාළුව කෝ..?"
පලි:
අපේ දෙමාපියෝ පොඩි කාලෙ කරපු කියපු දේවල් ඇහුවාම මට හිතෙනව මං මොනාද කලේ කියල. ඒත් මේ දැන් අපේ කාලෙ ඉන්න කොල්ලො කෙල්ලෝ පොඩි කාලෙ කන කට්ට දැක්කාම මට හිතෙනව මම කොච්චර වාසනාවන්තද කියල. පොඩි හිච්චි කොල්ලො කෙල්ලොන්ව අම්මල තාත්තල ඔන්න යන්තං කිරි බොන වයස ඉවර උණු හැටියේම ගෙනියනව කලාස් වලට. ඉංගිරිසි ක්ලාස් කියයි ච්ත්‍ර කියයි නැටුන් කියයි ... හප්පේ ... තව මොන්ටිසෝරි...
ඔයා පුතා මේ ඉන්ග්ලිෂ් වචන ටික මට කටපාඩම් දෙන්න ඕනේ... හා හා යන්නෑ වැස්සේ තෙමෙන්න ... මේ ඔය ටීවී බලන එක නතර කරනව... යනව ගිහිං ඉස්කෝලෙ වැඩ කරනව මගෙ යකා අවුස්සගෙන්නේ නැතුව... ආ එහාගෙදර ඇන්ටිගේ දුව බලනව හැමදාම පන්තියේ පළවෙනිය... ඒකට තමුසෙ ... බලනව ලකුණු... මේකටද අපි නැහිලා නැහිලා වියදං කරන්නෙ... නෑ නෑ කමක් නෑ රෑ එකොළහ වෙනකන් ඇහැරිලා ඉන්නව... කෝ පාඩන් කලාද ...
මඩේ නෙළුම්මල් පිපෙනවා නෙ මම හිතන්නේ මේ දරුවත් ඒ වගේ නෙලුම් මලක්..! vidura weerasinghehttp://www.blogger.com/profile/10466510029213102106noreply@blogger.com4Padukka, Sri Lanka6.8412149006600833 80.104064941406256.8096824006600833 80.063724441406251 6.8727474006600833 80.144405441406249tag:blogger.com,1999:blog-6963255948324042223.post-19754887767119959592017-05-30T22:57:00.002-07:002017-05-30T22:57:47.726-07:00දෙවියන් අප අතරමයි ! - මට හමුවුණු මිනිසුන් 2 කොටස
මිනිසුන් මිනිසත්කම
ඡායාරෑපය ගූගල් වෙතින්. හිමිකම් ඡායාරෑප ශිල්පියා සතුයි.
මම අද කියන්න යන්නේ කතා දෙකක්. අපි අතරේම ඉන්න මිනිසුන් කොට්ටාශයක් පිළිබඳව.
මිනිස්සු ඔවුන්ව විවිධ නම් වලින් හඳුන්වනව. බොහෝ මිනිස්සු ඔවුන්ව හඳුන්වන්නේ රණ විරුවන් කියල. එහෙම උනත් මේ හැඳින්වීමෙන් අපගමනය වෙච්ච සමාජයේ මධ්‍යමපාන්තික උගත් කියල සම්මත (ගොඩක් දුරට මම දැකපු විදියට) සමහරක් මිනිස්සු මොවුන්ව හඳුන්වනව "ආමි කාරයා" වගේ නමකිනුත්; අර ග්රාමාරක්ෂක මහත්වරුන්ට ගම්බට්ටන් කියල කියනව වගේ. මේ දවස් වල ෆේස්බුක් එකේ යන "අට පාස්" කියල දාන ජරා පෝස්ට් ගැන නං මම කතා කරන්න යන්නේ නෑ. ඒතරම්ම කලකිරීමක් තියෙන්නෙ ඒ ගැන.
මේ කියන්න යන කතා තුන මගෙ ජිවිතේ සිද්ද වුනු සිද්දි කීපයක් ගැන කියවෙන ඒව. අද රටේ ඇතිවෙලා තියෙන මේ ව්‍යවසනය අතරෙ මේ බ්ලොග් පෝස්ට් එක කියවන මිනිස්සුන්ට, ඒ මිනිස්සුන්ගේ හිතට, හමුදාවේ මහත්වරුන් (ඔව් ඔවුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්වරුන්) කරන මේ කැපවීම හැබැවටම තවත් තදින් දැනෙනවා නම් මගේ අරමුණ සාර්ථකයි කියල කියන්න පුළුවන්.
හිත රිදෙන සිදුවීමක්
මම හිතන්නේ ඒ 2014 අවුරුද්දෙදි වෙන්න ඕනෙ. මම වෙනද වගේම මගෙ ගම් පළාතේ ඉඳන් කොටුව දක්වා යන බස් එකට ගොඩවුනා. මම සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට ඉඳ ගන්නේ බස් එකේ පිටිපස්සෙම සීට් පේළිවල. ඒත් එදා දවසේ මට ඉඳගන්න ලැබුනේ බස්සෙකේ මැදට වෙන්න පිහිටලා තිබුන සීට් එකක.
ඔන්න ඉතිං බස් එක ගමනාරම්භ කරලා පැය බාගෙයක් විතර ගතවුණා. බස් එකේ ටිකෙන් ටික සෙනග පිරිලා, බස් එක සෙනගගෙන් පැක් වෙන්න උනා. හැල්මේ යන බස් එක ටිකෙන් ටික ගොඩගම හන්දිය, කාර්මික විද්‍යාලය, ලක්ෂපාන බැටරි කොම්පැනිය පහු කරලා පනාගොඩ කෑම්පෙක හරියට සේන්දු වුණා. කෑම්පෙකේ වංගුවත් අරං මහ හයියෙන් බ්රේක් පාරකුත් ගහගෙන, බස් එක නතර උනා කෑම්පෙකේ පන්සල ගාව බස් හෝල්ට් එකේ. නවත්තපු ඇසිල්ලෙන්, අව්වට මූණු කළු වුනු, කෙට්ටු ඒත් බොහොම සවිමත් කියල පෙනුණු සිරුරු තිබුණු, ලොකු ට්‍රැවලින් බෑග් කීපයක් අතින් එල්ලාගත් හමුදාවේ මහත්වරු කීපදෙනෙක් නවත්තපු බස් එකට නැග්ගා එයාලගේ ගම් රටවල් බලා යන්න.
බස් එකේ කොන්දොස්තර මහත්තයගේ කටේ තිබුණු එකම වචන සෙට් එක ආයෙමත් ඇහෙන්න ගත්තා.
"ඔය මැද පේළිය ඉස්සරහට යන්න... මෙතන දොර ගාව ඉන්නැතුව..."
බස් එක ආයෙමත් හැල්මේ දුවන්න ගත්ත. ඔහොම පැය බාගෙයක් විතර යන්න ඇති. මමත් මගේම කියල කල්පනා ලෝකෙක තනිවෙන්න උනා. ඒත් එක පාරටම මං ගාව හිටිපු කෙනෙක් "..මල්ලී" කියල මගෙ පිටට තට්ටුවක් දැම්ම.
අඳුරන කෙනෙක් කියන අපේක්ෂාවෙන් මම හැරිලා බලන්න ඇති. බලද්දී මට කතා කරලා තියෙන්නේ අර හමුදාවේ මහත්මයෙක්..
"..මල්ලියෙ අනේ උදව්වක් කරනවද.. මගෙ මේ බොරු කකුලක් දාපු කකුල හිටගෙන ඉන්න බැරි ගානට රිදෙනවා.. මට ඉඳගන්න පොඩි උදව්වක් දෙනවද..."
"..මල්ලියේ පැනඩෝල් නැද්ද.. අනේ මල්ලිට කරදරයක් ද මන්දා.."
මම බෑක් එකේ පැනඩෝල් හොයන අතරෙ ඒ මහත්මයා කියන්ට වුණා. ඒත් එක්කම ඒ අහපු වචන ටික නිසා මගෙ හිතට ආවෙ දරාගන්න බැරි වේදනාවක්..
"..මල්ලි.. බ්ලාස්ට් එහෙකට අහුවෙලා දනිස්ස ගාවිම්ම වෙන්වුණා. දැන් හොඳ උනාට ඉස්නායු වල අවුලක් තියෙනව. ඒකයි මේ වේදනාව... මම හොරොව්පතානෙ ගමේ යන ගමන් මල්ලි..."
ටික දුරක් යද්දි වේදනාව අඩු වෙලාද කොහේදෝ ඒ මහත්මයා හිටගෙන උන්නු මාත් එක්ක කියන්න උනා.
ඉතිං මට බහින්නත් වෙලාව ලං උනා. ජිවිතේ එක පාරක් විතරක් හම්බෙන ඒ මහත්මයාට ආයුබෝවන් කියල මම මහරගමින් බස්සෙකෙන් බැස්සා. මගෙ හිතේ එදා ඇති වෙච්ච ඒ හිස් හැඟීම හැමදාකම කෑම්ප් එකේ පන්සල ගාව හෝල්ට් එක පහුවෙද්දී අදත් ඒ විදිහටම දැනෙනව. අපි වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරපු ඒ මහත්මයාගෙ මුහුණේ ඒ වෙලාවේ තිබුණු වේදනාව මට තවමත් මැවිල පේනව.
කුඩිම්බිගල හාමුදුරුවො ගිලන් වෙලා
මේ දෙවෙනි කතාවෙ ඇරඹුම මම හිතන්නේ 2010 අවුරුද්දේ වෙන්ට ඕනේ. මගෙ යාලුවෝ වගෙයක් අපේ අපේ පවුල් වල උදවිය හා හා පුරා කියල ගියා අම්පාර පැත්තට පොඩි විනෝද ගමනක්. මම මතක විදිහට මේක දවස් හතරක් විතර දිග විනෝද ගමනක්. ඔහොම ගිය ගමනේ එක නැවතුම්පොළක් උනේ කුඩිම්බිගල තපෝවනය. මේ කුඩිම්බිගල කියන්නෙ කුමන ජාතික වනෝද්‍යානය ඇතුලත තියෙන බොහොම පැරණි ආරාම සංකීර්ණයක්. මේ ආරාම සංකීර්ණයේ දැනට භික්ෂුන් වහන්සේලා වැඩවාසය කරන්නෙ බොහොම උස කුඩුම්බිගල කන්දේ මුදුනේ හදාගත්ත බොහොම අපූරු ආරාමයක. අපි මේ ගිය දවසේ කුඩුම්බිගල හාමුදුරුවො ගිලන්වෙලා රෝහලට අරං යන්න සිද්ද උනා. ඉතිං මේ ඉන්න පරිසරෙත් එක්ක මේ හාමුදුරුවන්ව කන්දෙන් පහලට ගෙනියන්න තිබුණු එකම ක්‍රමය උනේ මේ වගේ පුටුවක තියල බොහොම ප්‍රවේසමෙන් පහලට අරං යන එක. ඉතිං මේ කාර්යයට වෙහෙස නොබලා කඳු පාමුල ඉඳන් ආවේ මේ රූපේ ඉන්න හමුදාවේ මහත්වරු ටික. මට මේ පින්තූරේ එක පාරටම මතකෙට ආපු නිසා දැම්ම....
vidura weerasinghehttp://www.blogger.com/profile/10466510029213102106noreply@blogger.com2tag:blogger.com,1999:blog-6963255948324042223.post-23819147611972617532017-05-25T06:41:00.000-07:002017-05-25T06:41:02.930-07:00මට හමුවුණු මිනිසුන් 1 කොටස - ගස් සිටවන්නිය
මට ඇය හමුවුනේ 2015 අවුරුද්දේ විතර වෙන්න ඕනෙ. සුදු පාට දිග කොණ්ඩයක් තිබුණු ඇය නෝවීජියානු ජාතික සරණාගත කාන්තාවක්. දැනටනම් ඇය පදිංචිව ඉන්නෙ මැලේශියාවේ නගරබද තට්ටු නිවාසෙක.
මේ හමුවීමත් හරිම අහම්බයෙන් සිද්ද උනේ. ඉස්සර මම පුරුදු වෙලා හිටිය කොළඹ මහජන පුස්තකාලෙට සති දෙකකට සැරයක් ගිහිං එන්න. හේතුව උනේ ඒ කාලෙ මම ඉගෙනගනුමින් හිටපු මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව ගැන මහජන පුස්තකාලේ තිබුණු බොහොම වටිනා පොත් එකතුව වගේම සිංහල පරිවර්තන පොත් කියවන්න තිබුණු මේනියාව. ඔය පරිවර්තන ලෙඩේ කොච්චර දරුණුවට හැදුනද කිව්වොත් මම අපේ තාත්තට අයිති පුස්තකාල සාමාජික පත පවා හොරෙන් අරගන්න පෙළඹුනා කාලයක් යනකොට. මම ඉගෙනගන්න විෂයට අදාළ පොතක් අරං,, ඊගාවට හිතේ බොහොම සතුටින් පරිවර්තන පොත් තුනක් ම අරං, ගෙදර ගිහිං හොරෙන් කියෝන ජිවිතයක් ඔය කාලෙ තිබුනෙ. හොරෙන් කියවන්න හේතුව තමා අපේ ගෙදර අම්ම තාත්ත පරිවර්තන, නවකතා වලට දක්වපු දැඩි විරෝධය.
මම ඔයවගේ දවසක හවස් වෙලා පුස්තකාලෙට ගිහිං පණු කැන්ටිමට යනකොට, අනුස්මරණ ස්මාරකේ ගාවදි මට හමුවුනා සුදු දිග කොණ්ඩයක් තියෙන රූමත් විදේශික කාන්තාවක්. ඇය මගෙ ගාවට ඇවිදින් හලෝ කිව්ව.
"හලෝ මගෙ නම නඕමි... ඔයාට සුභ සන්ධ්‍යාවක්..! (hi I'm Naomi, have a nice evening...)"
ඔන්න එතකොටම මගෙ උගුර වේලිලා ගියා වගේ හැඟීමක් එක පාරටම දැනෙන්න ගත්ත. හේතුව තමා මම ඉංගිරිසි කතා කරන්න නොදැන හිටීම වගේම ඇයගෙ තිබුණු බොහොම ලස්සන රූපසොබාව (ඉංගිරිසි පොතක් බලල තෙරුන් ගන්න හැකියාවක් තිබුනත් මගෙ කතා කරන බාසාව ඔය කාලෙ තිබුනෙ බොහොම ලාමක අවධියෙ). ඉතිං ඔන්න මම පටල පටල ඇයට සුබ පතල, "මට ඔයාට උදව් වෙන්න පුළුවන් ද කියල ඇයගෙන් ඇහුව (can I help you?)..."
ඇය මට පැවසුව විදියට ඇය බොහොම පරිස්සමෙන් ආරක්ෂා කරන පසුම්බියක් විහාරමහාදේවි උද්‍යානයේ අනුස්මරණ ස්මාරකේ ගාවදි බිමට වැටිල. ඉතිං ඇය මගෙන් උදව් ඉල්ලුව හොයාගන්න එන්න පුළුවන් ද කියල. ඒ වෙලාවේ මගෙ ඔලුවේ තිබුනෙ ඉක්මනට ගෙදර යන චේතනාවක්. ඒත් මං ඇයට, මට නොදනිම උදව් කරන්න ඉදිරිපත් උනා. (මේක මං මගෙ හොඳම යාලුවන්ට කිව්වාම නං උන්ගේ පිළිතුර උනේ, "අනේ පල *කෝ යන්න තෝ යටත්විජිත මානසිකත්වෙන් ඔය *ත්තිට කෙල හලන්න ඇති... " වගේ කතා ටිකක් 👀😅)
ඔන්න ඉතිං විනාඩි විස්සක් විතර හොයද්දි ඇයටම ඇයගෙ පසුම්බිය හමුවුනා, තණකොළ බිස්ස උඩ අයිනක වැටිල තිබිල. ඇයට ඒ පසුම්බිය හමු උනාම තමා ඒ බොහොම ලස්සන මූන මට හරියටම දකින්න පුළුවන් උනේ. ඇය මට ස්තුතී කරන ගමන් ඉල්ලීමක් කළා ඇයත් එක්ක අහල පහල තිබුණු චීන අවන්හලකින් රෑ කෑම එක වේලාසනින් ගන්න පැමිණෙන්න කියල. මම මේ අවන්හල දැකල තිබුනත් ජීවිතේට ගිහිං තිබුනෙ නං නැහැ ( නම chinatry dish අර්නස්ට් ඩි සිල්වා පාරෙ තියෙන්නෙ).
ඔන්න ඉතිං මම මේ කාන්තාව එක්ක අවන්හලට ගොඩ උනා. සයිවර් කඩ ගානෙම ගෙවිච්ච ජිවිතෙන් එලියට ඇවිත් මේ වගේ අවන්හලකින් කෑම කන එකෙත් ඉතිං පොඩි අමුත්තක් තිබුන. ඔන්න ඉතිං බොහොම රසවත් බැදපු කුකුල් අඬු තොගයක් කන ගමන් ඇය මගෙත් එක්ක දොඩමලු වෙන්න උනා.
ඇය මට කිව්ව විදිහට, ඇය නෝවීජියානු සරණාගත කාන්තාවක්. උපත ලබල තියෙන්නෙ හංගේරියාවේදි. ඇය කෑම ගන්න අතරෙදි, ඇය බොහොම ප්‍රවේසමෙන් ආරක්ෂා කරපු පසුම්බිය කිසිම හේතුවක් නැතිව මට පෙන්වුවා. ඒක ඇතුලෙ තිබුනෙ එක එක වර්ග වල පැකට් කරපු ඇටවර්ග ලොකු ප්‍රමාණයක්.
"මම විනෝදෙට කරන්නෙ ගස් හිටවන එක... මම රට රටවල් වල කැලෑ වලට ගිහිං එක කැලේකට ගස් දාහක් විතර හිටවල, ඒවාට තනියෙන් වැඩෙන්න පුළුවන් වෙනකන් ඉඳල ඒ රටෙන් පිටවෙනව.."
"මේ ඔයාලගෙ රටේ බොහොම වටින ගස් වල ඇට තොගයක්. මේ ඕකිඩ් එක හරිම දුර්ලබ ජාතියක්. මම ඒවගෙන් අමාරුවෙන් ඇට ගොඩක් හොයාගත්තා... මං ඒවා ලබන සතියෙ ඔයාලගෙ කැලෑවක පැල කරන්න ඉන්නෙ..."
ඇයගේ මුහුණේ තිබුනෙ ලස්සන හිනාවක්. මට මේ කතාව කියද්දී ලොකු පුදුමයක් එක්ක ම හිතාගන්න බැරි තරම් ගෟරවයක් ඇති උනා..."
"ඇයි ඔයා මෙහෙම කරන්නෙ.. කිසි ලාබයක් නැතිව..." අමාරුවෙන් වාක්‍යයක් දෙකක් මූට්ටු කරලා මම ඇහැව්ව..
"..මම ලාබ ලබන කෙනෙක් නෙවේ. එදා වේල ජිවත් වෙන කෙනෙක්. මම රැකියාවෙන් නොබැඳි වෘත්තිකයෙක් (freelancer). සල්ලි හොයාගෙන රට රටවල් වලට ගිහිං මගෙ මේ හීනෙට පණ දෙන එක තමයි මම කරන්නෙ. මට කාත් එක්කවත් බැඳීම් නැහැ.."
"...කාලයක් මට තිබුනෙ විකාර ජිවිතයක්. මම ගතකලේ හිපි ජිවිතයක්... දකින දකින පිරිමියත් එක්ක ලිංගිකව හැසිරුනා.. මත්ද්‍රව්‍ය අහුවෙන අහුවෙන එක ගත්ත... කාලයත් එක්ක මම පුරුදු උනා ක්රොකඩිල් කියන මත්ද්‍රව්‍යයට. ඒ පුරුදු උනේ මගෙ හිටපු රුසියන් ප්‍රේමවන්තයාගේ මාර්ගයෙන්... මේ ඒකෙ ප්‍රථිපල..." කියමින් ඇය මට, ඇය ඇඳ සිටි අත් දිග ශර්ටයේ අත කොට කර ගැඹුරට හෑරුණු තුවාලයක් පෙන්වුව (මම ඉන්ටර්නෙට් එකෙන් මේ මත්ද්‍රව්‍ය ගැන හොයල බැලුව ඒ කාලෙ, ලිංක් එකක් පහල ඇති කියවන්න ඕන අයට ..)
"මම දැන් ඒ ජීවිතෙන් මිදිල ඉන්නෙ.. මම ලාමා තුමාගේ දහමට ගොඩක් ලැදි බුද්ධාගමේ කෙනෙක් ඒත් මං ජේසුටත් ගොඩක් ආදරෙයි.. තව අල්ලාහ් ටත්..."
අපි අවන්හලෙන් පිටවෙද්දී ටික දුරක් කිසි කතාවක් නැතුව යන්න ඇති. ටික දුරක් යද්දි ඇය අතට අත දීල මගෙන් සමුගත්ත.. දැනටත් ඇය මගේ බොහොම හිතවත් ඉන්ස්ටග්‍රෑම් මිතුරියක්. නම සඳහන් කරන්න නං හැකියාවක් නැහැ. නමුත් මෙහෙම මිනිසුනුත් ඉන්න බවත් ඒ මිනිසුන්ගෙන් ගන්න ආදර්ශ ගොඩක් තිබෙන බවත් කියවන ඇය මතක තබාගන්න...
ඇය නිහඬ දෙව්දුවක්!
පලි:
අපි මහජන පුස්තකාල කැන්ටිමට පණු කැන්ටිම කිව්වේ හේතුවක් ඇතිව. කාලයක් යද්දි දන්න අයට මතක ඇතිනෙ සීලුත් තිබ්බ කැන්ටිමට...
ක්රොකඩිල් ගැන :
http://www.narconon.org/drug-information/krokodil.html
vidura weerasinghehttp://www.blogger.com/profile/10466510029213102106noreply@blogger.com4tag:blogger.com,1999:blog-6963255948324042223.post-45998980064850605372017-05-03T02:09:00.000-07:002017-05-03T02:15:51.702-07:00නාට්ටාමී 3 කොටස - මෝචරියේ ජෝගිය
"ආ මහත්තයො...!"
සිරිපාල තම බුලත් කහට රැඳුනු දත් දෙපල පෙන්වා සිනාසෙයි.
"අඩේ නඩේෂන් දීපං මේ මහත්තයට බංකුවක්.." සිරිපාල අසල එළවලු ලෑල්ලේ අයිතිකරු වූ නඩේෂන් ට පවසයි.
කුඩා මිටි බංකුවක් පසෙකින් තබන නඩේෂන්, විදුරු කෝප්පයකට ප්ලේන්ටි ස්වල්පයක් දමා මාහට පිරිනමයි.
"ඉඳන් බොන්ඩ ෂර්,,,"
නඩේෂන් වූ කලී කාලවර්ණ සිරුරකට හිමිකම් කියූ මිටි මිනිසෙකි. තොග එළවලු ලෑල්ලක් කරන ඔහු අතීතයේ පටන්ම සිරිපාලගේ ගජ මිතුරෙකි. ඉක්මනින් කිපෙනසුළු කුකුල් කේන්ති කාරයෙක් වූ නඩේෂන් ආරෝවක් ඇතිකර නොගත්තේ සිරිපාල හා ඔහුගේ බිරිඳ කුමීඅම්මා සමඟ පමණකි.
. මැස්සන්ගෙන් පිරී තිබුණු එලෝලු මාකට්ටුව තුල එලෝලු වලින් නික්මුණු සුවඳක් හා කුණු වූ එලෝලු වලින් නික්මෙන සුවඳත් මිශ්‍ර වු සුවඳක් අවට විහිදුවයි. නඩේෂන් දුන් ප්ලේන්ටි වීදුරුවේ ගැට්ට මතට මැස්සන් රොත්තක් එක්වීමට ගතවුයේ නිමේෂයකි.
"උඹට මතකද නඩේෂන් ටවුමේ මෝචරියේ කලින් හිටපු එම්බාම් කරන එකා පියදාසව.?" ඒ පැනය පියදාසගෙනි.
"අම්මාහ් ඔව් ඔව් මතක නැද්ද යකෝ ඌව... අර විජේපාල ගෙ කෙල්ල පැනල ගියේ ඕකත් එක්කනෙ... දැන් ඔය ඔරුගොඩවත්ත පැත්තෙ ඉන්නවැයි කියන්නෙ.."
"අන්න හරි ඔය ඉන්නෙ මිනිහ... උඹට මතකද නඩේෂන් අනුව අවුරුද්දෙ මෝචරියේ තිබ්බ ජෝගිය....?"
"අම්මද බෝල ශිරිපාලයියා.. අර ජෝගිය ... "
"ඒක නං මරු කතාව බං මේ මාත්තයට.. උඹ කියපං ශිරිපාල මං වැරද්දක් තිබ්බොත් හදන්නං..."
"මහත්තයො ඔය කතාව උනේ අනූවෙ අවුරුද්දෙ, අප්‍රේල් අවුරුදු කාලෙ, අවුරුදු කාල දවස් තුන හතරක් යන්නැති..."
"ඔන්න ඉතිං සුපුරුදු විදියට මහත්තයො අපි අවුරුද්දට බීල හෙම වැඩ අල්ලන්න ලෑස්ති උනා. ඉතිං ඔය ඔහොම ඉඳිද්දී තමයි මහත්තයො අපිට අලුත් පාටියක් ගැන ආරංචියක් ආවේ.
මහත්තයො ඔය මේ ටවුමෙ මිනිස්සු මළාම උන්ට මලගමක් හරියට කරගන්න අතේ සතේ නෑ. ඉතිං ඔය හින්ද අපේ ගමේම විජේපාල කියල එකෙක් මල්සාලාවක් පටන් ගත්ත මාලිනි මල්සාලාව කියල. මාලිනි කියන්නෙ ඔය විජේපාලගේ දුව. ඉතිං මහත්තයො ඔය මාලිනි මල්සාලාව බජට් මල්සාලාවක්. පෙට්ටිය ලාබ එලේ අහුවෙච්ච බාල ලෑලි වලිං හදන්නෙ. මල් වඩම්, වාහනේ, තව එම්බාම් කරපු මිනිය පවා බජට් එකට සෙට් වෙන බාල බඩුවක්. ඉතිං මොන දේ මොන විදියට තිබ්බත් එම්බාම් සාප්පුව අපේ ගමට ලොකු සේවයක් කලේ, මොකද හරිහමං දෙයක් නැති අපිට ගානට මළගෙදර වැඩ ටික හැඩල් කරගන්න පුළුවන් උනේ විජේපාලය හින්ද.
ඉතිං විජේපාලය ඔය සාප්පුවේ වැඩ බලාගෙන ඕඩර් වැඩ කරද්දි පියදාස තමා ඕකේ මිනී එම්බාම් කලේ. ඔන්න වැඩ තියෙන දවසට පියදාසය කාලක් හෙම ගහල ඔපරේසන් එකට බහිනව. ඒ අතරෙ විජේපාලය උගෙ දුවත් එක්ක මල් වඩම් ටික හදනව.
ඉතිං ඔන්න ඔහොම ඉඳිද්දී අපේ විජේපාලයගේ ඔලුවට අදහසක් ඇහිල්ල, අවුරුදු පහුවෙලා එම්බාම් සාප්පුවේ බජව්වක් දාන්න ඕනේ කියල. ඉතිං ඔන්න අපිටත් මහත්තයො විජේපාලය කතා කළා වරෙන් කියල. ඉතිං මායි මේ නඩේසනුයි රෑ අට හමාරට විතර තව කොල්ලො හතර පස් දෙනෙක් එක්ක ගියා එම්බාම් සාප්පුවට.
ඔන්න ඉතිං සාස්තිරිය සිංදුවලින් එහෙම බජව්ව පටන් ගත්ත. විජේපාලය ළඟ බාගෙට හදල තිබ්බ මිනී පෙට්ටියකට තට්ටු කරකර සින්දු කියනව. පියදාසයත් කෑන් කෑල්ලකට තට්ටු දානව. අපි ටික ඉතිං හති දමාගෙන නටනව...
ඔන්න ඉතිං පැය බාගෙයක් විතර ඔහොම නටල ඉවර උනාම විජේපාලගේ දුව ආයෙමත් බීම ටිකක් ලැස්ති කරල බැදපු ඌරු මස් කෑලි පිඟානක් එහෙම ලඟින් තියල යන්න ගියා. මාත් ඉතිං ලාවට වෙරි පිට ගත්ත වීදුරුවක් පුරෝලා අතට. ඔන්න අරං බොනව බොනව පෙවෙන්නේ නෑ. පියදාසයත් ඌරු මස් කෑල්ලක් අරං කන්න හදනව කැවෙන්නෑ. නිකං අතට අහු උනාට මොකුක් නෑ වගේ. ඔන්න එතකොට තමයි මගෙ ඔලුවට එක එක පාරටම විදිල්ලක් කොටනව වගේ දෙයක් ඔලුවට ආවේ.
"යකෝ විජේපාලයගේ කෙල්ල ඇඳලා හිටියෙ ළමා සාරියක්.! "
මහත්තයො ඔය වෙද්දී මටයි අනිත් හිටපු උන්ටයි මේ වෙච්චි දේට හීන් දාඩිය දාල තිබ්බෙ. අනික බාගෙට වෙරි.
මහත්තයො ඇඟට ආපු බයට මම නතර උනේ පහල පාරෙ කඩේ ගාවින් සරම පැටලිලා වැටිල. විජේපාලයයි පියදාසයයි නඩේසනුයි හොයාගන්නවත් නෑ. පහල කඩේ සයිමන් මුදලාලි තමයි හනිකට ඇහිල්ල, බැන බැන මාව වත්තං කරන් කඩේට ගෙනිහින් ටොනික් බෝතලයක් කඩල බොන්න දුන්නෙ.
ඉතිං මහත්තයො පහුවදා ගමේ කට්ටඩියට කියල සෙත් සාන්තියක් කරලා එහෙම තමයි මායි අනිත් උන් ටිකයි ගොඩ ආවේ. අපි තාම දන්නෙ නෑ එදා මොකක් උනාද කියල.
එදායින් පස්සෙ මාසයක් විතර එම්බාම් සාප්පුව වහල තිබ්බ. පස්සෙ අවුරුදු තුන හතරකින් විජේපාලගේ කෙල්ල එම්බාම් කරපු පියදාසය එක්ක පැනල ගියා. විජේපාලයම පස්සෙ උන් දෙන්නට කැමැත්ත දීල ලඟට අරං ආයේ කාලයක් බිස්නස් කරගෙන ඉඳල මැරිල ගියා.
දැන් ඔන්න උන් දෙන්න ළමයි බමයි ඉන්න මිනිස්සු. ඔරුගොඩවත්ත පැත්තෙ ජීවත් වෙනව෴
චිත්‍රෙ බලං ඩිජිටල් මාධ්‍යයෙන් ඇඳපු එකක්vidura weerasinghehttp://www.blogger.com/profile/10466510029213102106noreply@blogger.com3tag:blogger.com,1999:blog-6963255948324042223.post-48786992730043933192017-01-17T08:39:00.000-08:002017-01-17T08:39:09.368-08:00නාට්ටාමී 2 කොටස - දත් දොස්තර
“මහත්තයො මයේ හිතේ ඒ 75 අවුරුද්ද වෙන්නෝනෙ”
සිරිපාල කතාව අරඹයි.ඒත් සමඟම ඈතින් කොහේදෝ සිට පැමිණි පූසෙක් ඤාව් හඬක් නගමින් සිරිපාලගේ පයෙහි දැවටෙයි.
“මතකෙ හැටියට ඒ කාලෙ මං දාහතේ විතර ඉලන්දාරිය. ඔය කාලේ ඉතින් මට ඔය ගෙයක් දොරක් කියල එහෙම දෙයක් තිබ්බේ නෑ, පාරෙ වහලයක් යට තමයි ලැගල හිටියෙ. ඉතිං මහත්තයො මට ඔය ජිවිතේ එපා උනා. හරිහැටි රස්සාවක් නැති නිසා මං මෙන්න මේ ඉස්ටේසමේ ගුවන් පාලම ළඟ සපත්තු මහන රස්සාවක් පටන් ගත්ත.” කතාව නවත්වන සිරිපාල නෙස්කැෆේ උගුරක් තොලගායි.
“මහත්තයො ඔය කාලේ තමා යාපනේ ලොකු මහත්තය දොරේඅප්ප මහත්තයව කොටි මරල දැම්මෙ. මට අද වගේ මතකයි. ඒ උනාට ඉතිං ඒ දවස් වල ඔය දැන් වගේ කොටි ගැන නිච්චියක් මිනිස්සුන්ට තිබ්බේ නෑ, අනික උං කරලියට ආවෙත් ඔය පස්සේ කාලෙක නෙ, ඊට අවුරුද්දකට විතර පස්සෙ මයෙ හිතේ...” සිරිපාල ඔහු සමීපයේ ගැවසෙන පූසා රැගෙන ඌ හට ඉතුරුවූ නෙස්කැෆේ ස්වල්පයක් පෙවීමට උත්සාහ කරයි.
“මුන්ට මහත්තයො ජරාව කාල කාලම දැන් ඔය අපි දෙන ඕනෙ ජරාවක් දිරවනව. මහත්තයො මං දැනන් හිටිය ඔය අහක දාන පළතුරු කන තඩි බළල් තඩියෙක් ව….ඈ නෑ.. නෑ මහත්තයො අම්මප ඇත්ත කියන්නෙ.ඒකාලෙ ඔය ඌ එලොලු මාකට් එක පැත්තේ හිටියෙ.... හරි හරි ඕව වැඩක් නෑ… අපේ කතාවනේ මහත්තයො වැදගත්…” කියමින් සිරිපාල තම කමිසයේ උඩ සාක්කුවට අත දමා බීඩි මිටියෙන් බීඩියක් රැගෙන දල්වාගනී.
“ දැන් මහත්තයො ඔය දවස් වල ඉතිං මගේ ජිවිතේ නිකං අපායක් වගේ කියල කියතෑකි. මොකෝ දවල්ට ගිණි ගහන රස්නෙ අස්සෙ මං පේමන්ට් එකේ ඉහලගත්තු කුඩයක් යට ඉඳන් සපත්තු මහනව. ඉතිං අම්මේ ඔහොම නැති දුකක් විඳගෙන දවස අන්තිමේ හැමදාම සොච්චන් ගානක් හොයාගෙන කොහේ හරි හෙවනක දිගෑදිල බුදිය ගන්නව. රෑට හැමදාම කෑවෙ පොඩි පාන් කෑල්ලක්. සමහර දවස් වලට මහත්තයො ඔය ටවුමේ බේකරියෙන්, ඒකෙ අයිති මහත්තය, මට ඔය දවසක් විතර පරණ ඉතුරු වෙච්ච පාන් ගෙඩියක් නොමිලේම දෙනව… එදාට ඉතිං රජ මඟුල්. අර්ෆත් ගෙ හෝටලේට ගිහින් ඉතිං ගන්නව උණු උණුවෙ කිරිහොදි පැකට් එකක්. අරං ඉවර වෙලා ඔය පරණ කාලෙ බෝතලේකට දාගන්නව ප්ලේන්ටියකුත්. දාගෙන යනව මූද පේන මානෙට. ගිහිං ඉතිං කනව මදි නොකියන්න. කාල ප්ලේන්ටියත් බීල ඉතිං බීඩියකුත් කටේ ගහන් හේත්තු වෙලා ඔහේ බලාගත්තු අත බලං ඉන්දැද්දි දන්නෙම නැතුව නින්ද ගිහිං.” සිරිපාල දිග සුසුමක් හෙලා බලා සිටි අත ඔහේ බලා සිටින්නට විය.
“ඉතිං මහත්තයෝ ඔය කාලේ මට හරි ඇබැද්දියක් උනානෙ. මගෙ ඉතිං ඔය සවුක්කෙ ඒ දවස් වල අන්තිමයි නෙ. ඔන්න ඉතින් දවසක් උදේ නැගිටලා බලද්දි මයෙ හක්ක දරාගන්න බැරි ගාන්නට වේදනා දෙනව. අම්මේ තාම මතකයි... ඔය දැන් වගේ මහත්තයො ඒ දවස් වල පැනඩෝල් කාඩ් ගන්න හැකියාවක් තිබ්බේ නෑ.අනික තිබ්බේ ඔය ඩිස්පිරින් හරි මොකක් හරි නමක් තියෙන බේතක්. ඉතිං මහත්තයො හිතේ හයියට අමාරුවෙන් දවස් දෙක තුනක් ඇදගෙන ගියා, අද හොඳවෙයි හෙට හොඳවෙයි කියල හිතං. මොන.. හොඳද. රෑට නින්ද යන්නෙත් නෑ. අනික දවල්ට පෝරණුවෙ දාල වගේ තැම්බි තැම්බි දතේ අමාරුවත් එක්ක සපත්තු මහනව.” සිරිපාලගේ මුවගට නොදැනුවත්වම මද සිනහවක් නැගෙයි. කහට ගැසුණු තම දත් දෙපල පෙන්වා ඔහු හයියෙන් සිනාසෙයි..
“මහත්තයෝ මට හිනා ඒකාලේ කරපුව මතක් වෙද්දී” සිරිපාලගේ අව්‍යාජ සිනහව නැවතත් රැව්පිළිරැව් දෙයි.
“ඉතිං ඔන්න මහත්තයො මට දැන් කොරකියාගන්න දෙයක් නෑ. අපිට මහත්තයො මොන ඩිස්පැන්සරිද ඒ කාලේ. අනික රජේ ඉස්පිරිතාලේ ගිහාමත් ඉතිං දවසම වියදං කරන්න බලං යන්නෙපැයි.ඉතිං මං මොකද කලේ, ගියා පේලි ගෙදර දොස්තර ව හම්බෙන්න….”
“ මහත්තයො අපි පේලි ගෙදර දොස්තර කිව්වේ හැබෑ වෙදෙක්ට නං නෙවේ. මිනිහ ඉස්සර ඔය ඉංගිරිසි බේත් විකුණන කඩේක කඩේ බලාගන්න හිටපු කොලුව. නම ස්වාමිනාදන් .ඔය කොළඹ කොටුවෙ අපි වගේ මිනිස්සු තමන්ගේ දුක කියල ලෙඩ හොඳ කරගන්න ආවේ ස්වාමිනාදන් ගාවට. ඔය පණු අමාරුවට බේත් කිරිල්ලෙ ඉඳන් ගබ්සාව වෙනකන් සේරම කලේ ඔය මනුස්සය...”
ඈත ඔරලෝසුවක රාත්‍රී දහයේ කණිසම නාද වෙයි.සිරිපාලගේ ඇඟේ දැවටුණු බලා අපගේ කතාව අතරතුර කොහේ හෝ ගොසින්ය. ඈතින් විදේශික යුවලක් අප නොදන්නා බසක් කතාකරමින් වේදිකාව දිගේ අත් පටලවාගෙන ඉදිරියට පැමිණෙයි.
“මහත්තයො ඔන්න මම ගියා සුවාමිනාදන් හම්බෙන්න. ඉතින් ඕං මිනිහ අර කෑලි හයේ ටෝච් එකකින් මයේ හක්ක පරීස්සා කරනව. ඉතින් ඔන්න විනාඩි පහක් දහයක් බොහෝම සීරුවට බැලුව මුළු සර්වාන්ගෙම තිබ්බ දත් ටික. බලල කියපි. ඒ ශිරිපාලයියා, හක්කේ දත ගලාන්න වෙලා කියල. ඉතිං මහත්තයො මං මිනිහගෙන් ඇහුව කොහොමද කොයි වෙලාවෙද දත ගලෝගන්න එන්න ඕනේ කියල. ඉතින් ඒ පාර මිනිහත් කිව්ව ශිරිපාලයිය පාට විතර එන්න කියල.”
“ඉතින් මහත්තයො ඕං මාත් ඉතිං වෙලාවටම සුවාමිනාදන් හම්බෙන්න ගියා. ගිහින් ඉතින් ඔන්න මිනිහගේ ගෙදර ඉස්තෝප්පුවේ වාඩිත් උනා. ඔන්න ශිරිපාලයිය කෂායක් තියෙනවා මුලින් බීල ඉමු.. කියල ස්වාමිනාදන් මට දුන්න අරක්කු බාගෙ බෝතලේකට මොනාද පුරෝල…”
“ඔන්න මාත් ඉතිං බොනව… බීගෙන යද්දි මේං එනව පුරුදු රහක්.”
“යකෝ මේ කසිප්පු නෙ!.... මට කියවුනා”
“මේං මූ හිනාවෙවී කියනව, ශිරිපාලයිය ඕක එක උගුරට ගහල දාන්න නැත්නං ඉතිං දත ගලවන්න වෙන්නෑ කියල… ඉතිං මහත්තයො මටත් දැන් හොඳ ගනං. ඒ පාර ඉතින් ඕනේ එකක් වෙච්චාවේ කියල නහය වහං උගුරු තුන හතරට ගැහුව බෝතලේම.ඔන්න ඉතිං පැය බාගෙයක් විතර යද්දී මොනා උනාද දන්නෙ නෑ මහත්තයො…” කතාව නැවැත්වූ සිරිපාල නොනවත්වා සිනහ වෙයි.
“....ඔන්න මහත්තයො නින්දෙන් වගේ දැයෙනව මොකෙද්ද එකෙක් මට පයින් අනිනව.. ඕයි යකෝ සිරිපාල නැගිටපන් කියලත් කියනව… ඔන්න මහත්තයෝ මං ඇස් ඇරිය. මෙන්න යකෝ සුවාමිනාදනුයි තව ඒ ළඟපාත කොල්ලො වගේකුයි ඉන්නවා මං දිහා බලං හිනාවෙවී…”
“පහුවදා උදෙත් වෙලා...ඔන්න මහත්තයො මං මොකුත් නොකිය නැගිට්ට... එතකොටම යකෝ මෙන්න මට මේ ටිකේම නැති සහනයක් දැනෙනව. මගේ දතේ අමාරුව හොඳ වෙලා... මහත්තයො ස්වාමිනාදන් මගේ දත ගලෝල !…”
“මට දැන් මේක මාර ප්‍රශ්නෙ මහත්තයො…”
“ ඈ බං... මට මොකෝ උනේ කියහං සුවාමිනාදන්?... මං ඇහුව…”
“ මේං මූ මට තඩි වයර් කපන කටර් අඬුවකුයි ඒ'කේ රැඳිල තියෙන දතකුයි පෙන්නල හිනාවෙවී කියනව…
“ශිරිපාලයිය, උඹ වෙරි පිට මාකට්ටෙක වටෙත් දුවල, මටත් ගාල තමා මේ දත දුන්නෙ! කියල...”
ච්ත්‍රය චායාරුපයක් බලං ඇඳපු එකක්. මුල් අයිතීන් සම්පුර්ණයෙම්ම චායාරූප ශිල්පියා සතුයි.vidura weerasinghehttp://www.blogger.com/profile/10466510029213102106noreply@blogger.com0tag:blogger.com,1999:blog-6963255948324042223.post-69212363799438358602017-01-13T23:33:00.000-08:002017-01-13T23:33:18.861-08:00නාට්ටාමී 1 කොටස - ඇරඹුම
නාට්ටාමි 1 කොටස - ඇරඹුම
“මගෙ නම මහත්තයො සිරිපාල. හැදුනෙ වැඩුනෙ බොරැල්ලෙ කඩකෑලි යට”
ඒ සිරිපාලගේ කටහඬයි. දැන් තලතුනා වියෙහි පසුවන ඔහු තනිකඩයෙකි. ඇතැම් දින වල සවසට ජිනා කොලුවා අත කාලේ බෝතලයක් ගෙන්නා ගන්නා ඔහු එයත් රැගෙන වරාය පේන තෙක්මානයේ ඔහුගේ හුරුපුරුදු ඉසව්වට සැපත් වෙයි.
“මං එදා ඉඳලම ආසයි මූදට. අපිත් නිකං රැලි අස්සෙ හැංගිලා එන පෙණ වගේ. මට දැං මේ ජීවිතේ සැපයි.. දවසෙ පඩිය හත්සිය පනහයි.. උදේ ප්ලේන්ටියටයි පාන් කෑල්ලටයි විසි පහයි.. දවල් හවස බත් දෙකට එකසිය පනහයි.. රෑට බොන ටී එකට විසිපහයි..දවසක් ඇර දවසක් තමා කාලක් ගහන්නෙ.බීඩි තමා බොන්නෙ...”
සිරිපාලගේ කනේ උඩ රැදවූ යන්තං පිලිස්සුනු බීඩියකි. ඔහු කාලේ බෝතලෙන් අඩක් ගානක්වත් නැතිවම තම මුවට හලාගනී.
“මහත්තයට පේනවද අර කපුටො?” ඔහු ඈත වරාය අසල වසා සිටින කපුටන් රෑනක් මාහට පෙන්නමින් අසයි.
“මහත්තයො උං කොච්චර අව්වෙ හිටියත් උං කලු වෙන්නෙ නෑ.. උං කොච්චර කුණු කෑවත් මැරෙන්නෙත් නෑ.. ආ මං බොරුද කියන්නෙ බලන්න, මාත්තය ජීවිතේට දැකල තියෙනවද මැරිච්ච කපුටෙක්?...”
මදක් රත්පැහැ ගැන්වුනු තම දෑස විසල් කරමින් ඔහු පවසයි.
“මහත්තයො උං පදං වෙලා, හරියට අපි වගේ”
“මං මයෙ අම්මව තාත්ටව දන්නෙ නෑ මහත්තයො.උංගෙ මූනුවත් දකල නෑ. ඉස්සර දඩබ්බරකං වලට එක පාරක් හිරේ ගියා. ඈ.. ආ හේතුව මාත්තයො මං හොරකං කලා ගෑණියෙක්ගෙ චේන් එකක්. කඩං දුවද්දි අහු උනා. පොලිසියෙ මාත්තුරු ගැව්ව මාත්තයො හොඳට.”
සිරිපාල බාගෙයක් දැවුනු බීඩිය ගෙන නැවත දල්වාගනී.
“හැබැයි මාත්තයො මට හොඳ වැඩේ උනේ. මං ඊට පස්සෙ හැදුන. මගෙත් එක්ක එකට හිටපු එව්වො බාගෙට බාගෙයක් සූස්තියට හුරු උනා. හැබැයි මං.. මං උං ඔකෝගෙම අයිං වෙලා කරා නාට්ටාමි රස්සාව !. මාසෙට ඉතුරු කලා රුපියල් නවදහක්!… ඔව් මාත්තයො මාසෙට නවදහක්!.” සිරිපාල උජාරුවෙන් පවසයි. ඔහුගේ මුව රැඳි බීඩියත් ඈත වරායේ දුමබටයකුත් තරඟයට මෙන් දුම් ගුලි පිටකරයි. ඈතින් නග්න හිරු තඹ පැහැයෙන් දිස්න දෙයි.
“අනික මාත්තයො මං ඔය වෙන එඋං වගේ ටවුමෙ ගෑනුගෙවල් වල රිංගන්නෑනෙ… දැන් ඔය ලීල අක්කෑපොට් එක තියෙනව. මං ඔය ඉස්සර එකම එක පාරක් තරුණ කාලෙ රිංගුව. අම්මේ මාත්ටයො ගාන නවසීයයි. ඒක ඇහුවාම දාඩිය ඩබල් උනා. කොහෙ තියෙන සල්ලිද මං අහන්නෙ.. හැබැයි මාත්තයෝ බොරු කියල වැඩක් නෑ මං බූරු නං ගහනව. මෙහෙ පහල මුඩුක්කු පාරෙන් හැරිලා ගියාම තියෙනව අර්ෆත්ගෙ කාමරේ.ඉතින් වාසි දවසුත් තියෙනව. එහෙම දවසට චයිනිස් බත් එකක් එක්ක හොඳ බෝතලයක් අරං ගහනව.තව බීඩි මිටි දෙක තුනක් අරං තියාගන්නව.”
සිරිපාල නැවතත් බීඩියක් පත්තු කරගනී.
“මහත්තයො යන් මයේ ගානේ ප්ලේන්ටියක් ගහන්න ඉස්ටේසමේ හෝටලේට.”
පාර අවට එකම ජන ගඟකි.අප කොටුව ඉස්ටේසම අසලින් එහි ඇතුලත තිබූ කුඩා අවන්හල වෙත යමින් සිටියෙමු.
“මහත්තය දන්නවද, මෙතන ඉන්න පිට්පොකට් ගහන උන් ඔක්කොම මං අඳුරන එවුං. තව හිගන්නො, උනුත් මං අඳුරන් එවුං. අර ඉන්න ගෑණු ටික පේනවා නේද,උන් තාම බිස්නොස් පටන් ගත්තේ නෑ. තව පැයෙන් දෙකෙන් හොයන්නවත් නෑ උන්”
අවන්හලේ මුල්ලකට ගොස් ඉඳගත් සිරිපාල ඈත මගී පර්යන්තය දෙස බලාසිටින්නට විය. කඩි ගුලක් ඇවිස්සුනාක් මෙන් පෙනෙන ජන ගංගාව දුම්රිය තුල අතුරුදහන් වනවාක් මෙන් පෙනෙයි.
“ඉතිං සිරිපාල අයියෙ ජිවිතේ අමතක නොවෙන කතා එහෙම නැද්ද?” ඒ ප්රශ්නය මගෙනි.
“අපෝ තියෙනව මහත්තයො. මං ඉතින් මේ ලෝකේ කරපු සේරම කරපු එකෙක්. ඔය ගොඩක් උන් නොදැකපු දේවල් දැකපු එකෙක්. මහත්තයට ලියාගන්න පහසු නං මන් කියන්නං. අනික මහත්තයො අර පේන මිනිස්සු ගොඩ බලන්ටකො.. ඔය යන එන මිනිස්සුන්ගේ ඇතුලේ කොච්චර කතා ඇතිද මහත්තයො. මේ ඉස්ටේසම නිකං කතා පොතක් වගේ.......”
චිත්‍රෙ ඇන්දේ කොරල් පේන්ටර් වලින් පොටෝෂොප් වලින්
vidura weerasinghehttp://www.blogger.com/profile/10466510029213102106noreply@blogger.com0tag:blogger.com,1999:blog-6963255948324042223.post-52521566724709822242017-01-10T21:39:00.002-08:002017-01-10T21:44:58.997-08:002කොටස - මිතුරන් සහ අතීතය
vidura weerasinghehttp://www.blogger.com/profile/10466510029213102106noreply@blogger.com0tag:blogger.com,1999:blog-6963255948324042223.post-72171229308074203832016-12-18T08:16:00.000-08:002016-12-18T08:19:36.578-08:00විමලෙයි පෙරියපුල්ලෙයි මුහුදයි
vidura weerasinghehttp://www.blogger.com/profile/10466510029213102106noreply@blogger.com4