මහණෙනි,යමෙක් ධර්මය දකී ද හේ පටිච්චසමුප්පාදය දකියි.යමෙක් පටිච්චසමුප්පාදය දකී ද හේ මා දකියි.
දකින්න.. අවිද්‍යාව නිසයි සංස්කාර හටගන්නේ...සංස්කාර නිසයි විඥානය(සිත) හටගන්නේ...සංස්කාර කියන්නේ මොනවද?... ඒ තමයි ඉපදීමට හේතු...feelings..thoughts..actions...කෙටියෙන් අටලෝදහමින් සිදුවන ධන රින දේවල්....හරි...දැන් මේවා ඇතිවීමට හේතුව මොකක්ද?... ඔව්...අවිද්‍යාව... අවිද්‍යාව කියන්නේ මොකක්ද?....අවිද්‍යාව තමයි දුක... දුකට හේතුව...දුක නැති කිරිම...දුක නැති කිරීමේ මාර්ගය නොදැනිම,නොතේරීම....එහෙනම් මුලින්ම අපි හොයාගන්න ඕනේ අවිද්‍යාව නැති කරන්නේ කොහොමද කියල... ඇත්තටම දුකට හේතුව මොකක්ද...ඔව්..දුකට හේතුව තමයි තණ්හාව...තණ්හාව ඇති වෙන්නේ කොහොමද?...තණ්හාව ඇති වෙන්නේ ඕනෑම දෙයක් මගේ කියලා ගත්ත තැන...එහෙනම් කොහොමද තණ්හාව නැති කරන්නේ?... තණ්හාව නැති කරන්නේ හැමදේම ඇත්ත ඇති හැටියෙන් දැකීමෙන්...ඒ කොහොමද?..
ලුජ්ජති ... පලුජ්ජති ... ලෝකෝ.
ලෝකය කැඩෙනවා...බිදෙනවා...එකතු වෙන්ව...ලෝකය කියන්නේ වෙනස් වීම...වෙනස් නොවන දෙයක් මේ ලෝකේ නැහැ...අපි දකින හැම පුංචි තප්පරයක් ඇතුලත ශුද්ධාශ්ටක (තදබව,තෙත්බව,වයුබව,උෂ්ණත්වය,රස,පාට,සුවද,ඔජාරු බව තියන තවත් බෙදිය නොහැකි කුඩාම අංශුව) ලක්ෂ කොටිවාරයක් ඇතිවෙලා ඉදලා නැති වෙලා යනවා...reform form & deform... අපේ ශරීරය වගේම...ලෝකයත් ඒ විදිහටමයි....මේ වෙනස් වීම ,එක විදිහකට නැති වීම නොතේරෙනකොට අපි මේක එහෙම්මමයි,සදාකාලිකයි කියලා අපි ගන්නවා....තණ්හාව ඇති වෙනවා...එක තේරුණා කෙනා මේ හැමදේම අනිත්‍යයි කියල දකිනවා....දැකලා සාමාන්‍ය ජිවිතේ ගත කරනවා...අනිත්‍ය දකින කෙනාට සාමාන්‍ය ජිවිතේ මිනිස්සු ගන්න තරහ, ආතල්, පොලිටික්ස්, ගේම්ස්, කනේක්ෂන්ස්, පුංචි විහිළුවක් විදිහට දැනෙනවා...ඒ වගේම මේක නොදකින් , ජිවිතේ ගැටෙන අය දැකල අනුකම්පාවක් ඇති කරගන්නවා...
අනිච්චාවත සංකාරා
සියලු සංස්කාර නැසෙන සුළුයි
ඉතින් මේ විදිහට වෙනස් වෙන හැමදෙයක්ම දැක්කාම,මේ වෙනස් වෙන හැමදෙයක්ම සදාකාලිකයි කියලා ගත්ත තැන තණ්හාව ඇති වෙනවා කියලත්, ඒ නිසාම නැති වෙන වෙනස් වෙනකොට දුකක් ඇති වෙනවා කියලත්, මේක වෙනස් වෙනවා කියල දකින කෙනා දකිනවා.... එක දුකක් කියලා හරියටම එයා දකිනවා.... thoughts, feelings, actions වෙනස් වෙද්දී ඒ දුක ඇති වෙන්නේ ඒ නිසා ....තණ්හාව නිසා.... එතැනදී මේ පටිච්චසමුප්පාදය කියන භව දම්වැලේ මුල් පුරුක වෙච්ච අවිද්‍යාව ඇති වෙන්නේ තණ්හාව නිසාමයි කියලා නුවනින් දකිනවා...
මම මගේ මගේ අත්මය
ඉතින් ඒ විදිහට මේ වෙනස් වෙන දේවල් වෙනස් වෙනවා කියලා දකින්නබැරි වුන නිසා;තණ්හාව ඇති වුන නිසා; දුක හටගත්තා නේද ...එත් එහෙම එන දුක උනත් අනිතයි නේ...ඒ දුක කොහොමද අපිව සංසාරේ ඉපදෙන්න හේතු වෙන්නේ?... අන්න එතැනදී අපි මේ වෙනස් වෙන්නේ නෑ කියන එකත්...වෙනස් වෙද්දී එක එහෙමයි kකියලා දකින්න බැරිකම නිසා ඇති වෙච්ච නිසා ඇති වුන දුකත්, දෙකම මගේ, මම, මගේ සරීරය,මගේ හදවත, මගේ කදුළු , මගේ වේදනා කියලා ගන්නවා...එහෙම අරන් එයා හිතනවා..අද මෙහෙම උනාට හෙට හොදවෙයි, හෙට සතුට ලැබෙයි, අර එදා සතුට අයි ලැබෙයි, මේ ආත්මේ නැතත්, ඊලග ආත්මේ හරි කියල එයා හිතනවා..එයා වර්තමානයේ දැන් දුක සන්සිදොනවා...අනාගත සංස්කාරය (උපදින්න හේතු) ගොඩක් එකතු කරගෙන.... ඇයි ඒ ? මේ වෙනස් වෙන හැමදේම වෙනස් වෙනවා... මේක එහෙම නෑ කියන තැන දුකක් ඇති වෙනවා... එත් මට මේ වෙන දේවල් වෙනස් කරන්න බැහැ...මට මේ වෙන සිදුවීම් සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න..control කරන්න...මට බැහැ...එහෙනම් මට පාලනය කරන්න බැරි දෙයක් මගේ වෙන්නේ කොහොමද....මම වෙන්නේ කොහොමද...මගේ ආත්මයක් වෙන්නේ කොහොමද....එහෙනම් මම කියන්නේ illusion එකක් නේද...අනාත්මයි නේද....කියලා තේරුම් ගන්නවා....
දැන් මේ වර්තමානයේ ඇති වෙන සංස්කාර (ඉපදෙන්න හේතු) ඇති වෙන්න හේතුව අවිද්යාවනම්, අවිද්‍යාව ඇති වෙන්න හේතුව තණ්හාවනම් , තණ්හාව නැති වෙන්නේ අනිත්‍ය දුක්ක අනාත්ම ලෙස මේ ලෝකේ ඇති හැම actions, thoughts, feelings දකින්න බැරි උනාමනම් , එහෙනම් කරන්න ඕනේ මොකක්ද... මේ හැම මොහොතකම අනිත්‍ය දුක්ක අනාත්ම බව දකින එක... එහෙම දකිද්දී...දකිද්දී මුලින්ම වැඩෙනවා ඉබේම හරිම කරුණාවක් , මෛත්‍රියක්, ඇති වෙනවා මේ ලෝකේ ගැන.ඉතින් මෛත්‍රිය භාවනාව ඉබේම ඇති වෙනවා.තවත් දකිද්දී මරනානුස්මතිය නිකන්ම වැඩෙනවා....අයි ඒ ...අපිත් මේ විදිහටම කොයි මොහොතක හරි වෙනස් වෙලා යනවා නේද කියලා හිතෙන්න ගන්නවා...එහෙම දකිද්දී එයා අප්‍රමාදී වෙනවා...මොකද මේ ඉහලට ගත්ත හුස්ම පොද පහලට වැටෙද්දී මැරෙන්න පුළුවන් කියලා දැනෙනවා..දන්නවා..
එහෙම දකිනවා කියන්නේ භයේ ජිවත් වෙන එකද? හිතන්න.. අයි තිරිසන් සතෙක් දෂ්ට කරන්නේ...අයි කන්න පනින්නේ...තමන්ගේ ජිවිතේට තියන භය නිසාම නෙවෙයි ද....තමන්ගේ ජ්විතේ ආරක්සා කරගන්න තියන භය නෙවෙයිද ....ඇයි මනුස්සයෝ උනත් බැනගන්න....ගහගන්න එන්නේ.... ඒ නිසාමයි භය නිසා...මරනානුස්මතියේ ඉන්න කෙනාට ජිවිතේ ගැන භයක් නැහැ ...ඒ නිසාම ඉබේම එයාගේ සතර සෘද්ධිපාද වැඩෙනවා...ආයුෂ වර්ධනය වෙනවා...කරුණාව මෛත්‍රිය නිසා ආලෝක කසින වැඩෙනවා....ආලෝක කසින නිසා තේජෝ දාතුව වැඩෙනවා...ඇස කන නාසය දිව ශරීරය තියන සත්තු එයාට කරදර කරන්න එන්නේ නැහැ මොකද එයාගේ තේජෝ දාතුව අනිත් අයගේ තේජෝ දතුවට වඩා වැඩි නිසා... (කසින ,දාතු,සෘද්ධි ගැන පස්සේ කියන්නම්)
අවිද්‍යාව = චතුරාර්ය සත්‍ය නොදනිම = සංස්කාර (සංසාරයට කාරක වෙන දේවල්) = විඥාන (හිත)
දුකට හේතුව තණ්හාව ,දුක නැති කිරීම ත්‍රිලක්ෂණය (අනිත්‍ය දුක අනාත්ම).දුක නැති කිරීමේ මාර්ගය (ත්රිලක්ෂණයේ පිහිටීම =ආර්ය අෂ්ටන්ගික මාර්ගය )
ඉතින් මේ විදිහට අප්‍රමාදී වෙන අනිත්‍ය දුක අනාත්ම දකින කෙනා කරුණාවෙන් මරනානුස්මතියට ඇවිත් හිතනවා මම කියල මැරෙන්නේ මොකාද කියල එතකොට දකිනවා මම කියලා කියන මේ සරීරය නේද කියල...දැන් කාලේ ඉතින් YouTube තියනවා...ඒ කලේ open cemetery තිබ්බා 😄... YouTube එකේ human body decay, human body bisection, sky burial වගේ ඒවා සර්ච් කරාම ඇග බලාගත හැකි.. google එකේ real human body, real nervous system, real digestive system වගේ සර්ච් කරපුවම ඒවත් බලාගන්න පුළුවන්... samsara 2011 , samsara 2001, little buddha වගේ ෆිල්ම්ස් බැලුවාම තවත් හොදයි.
ඉතින් එයාට ඉබේමසතර සතිපට්ටානය වැඩෙන්න ගන්නවා .
මහණෙනි,ධර්මය අවබෝද කරනු කැමති ශ්රාවකයාබලවත් උත්සහයකින් යුතුව, වටහාගැනීමේ නුවනින් යුතුව, තමන් විසින් මවාගෙන තිබෙන ලෝකයේ ඇති ලෝබය දෝමනස, බැහැර කොට ශරීරය පිලිබදව මනාකොට අවබෝදය යොමු කිරීමෙන් මේ සරිරයේ පවතින් සැබෑතත්වය අවබෝදයෙන් සකිමින් වාසය කරයි..ඒ වගේම සැප දුක උපේක්ෂා ගැනත් අවදානය යොමු කරමින් එහි ඇති සැබෑ තත්වය දකිමින් වාසය කරයි.ඒ විදිහට සිත පිලිබදව මනාකොට අවදානය යොමු කිරීමෙන් මේ ගැන ඇත්ත ඇතිසැටියෙන් සකිමින් වාසය කරයි.ඒ විදිහට ජිවිතේ ගැනත් යතාර්තවදිව දකිමින් වාසය කරයි.
ඉතින් මේ විදිහට ගනිද්දී කාය (body),චිත්ත (thoughts),වේදනා(feelings), ධම්ම (actions) විදිහට සතිපට්ටානය වඩනවා ....ශරීරයක් දකිද්දී එක ඇත්තටම මොකක්ද...ලොකු පුකක්, පපුවක්, ලොකු පොල්ලක්,ලස්සන පුසෙක්,ලස්සන තොලක්, ලස්සන ඇස්දෙකක්, දිලිහෙන සමක්, දැක්ක තැන මස් ගොඩක් ලේ ගොඩක්. කටු ගොඩක්...නහර ගොඩක් ..ඊ ඔක්කොම ශුද්ධාෂ්ටක ගොඩක්... වෙනස් වෙනවා..කියලා දකිනවා...අර youtube එකේ බලපු ඒවා මතක් වෙනවා...අර කුණු වෙන සරිරේ මතක් වෙනවා...එකේ අතුල මතක් වෙනවා...අර ටිබෙට් වල ඉන්න ගිජුලිහිණියෝ ඒ මස් බඩවල් කටු විතරක් ඉතුරු වෙනකන් අද අද කපු හැටි මතක් වෙනවා...මැස්සෝ ඇවිත් පිලව් දාලා පිලව් කාලා පොළොවට දිරවෙන ඒ සරීර මතක් වෙනවා....ඒ සරිරයි මගේ සරිරයි...මම මේ දකින සරිරෙයි එහෙමම වෙනවා කියල දකිනවා...හිත ඇතුලේ පුංචි හිනාවක් පහල වෙනවා...ඒ හිනාව පොඩි නැහැ ...මේ විදිහට දකින්න ගනිද්දී හරියටම මුලදී...තේරුම් ගිය ගමන්... ඉල ඇට වලට එකපාරම දැනිලා නැති වෙලා යන අර බුත සිතල, මුළු ඇග පුරාම දැනෙන්න ගනියි...සමහර විට ඒ සතුට ඔයාව බය කරන්නත් පුළුවන්...එත් හිතන්න මේ සතුටත් අනිත්‍යයි කියල....ඊට පස්සේ දිගටම මෙහෙම දකින්න එක බහුල වසයෙන් හිතන්න ගත්තාම ඔයාට එක පුරුදු වෙන්න ගනියි ...සමහර විට ටික ටික...මොකද අපි සංසාරේ කල්ප මිලියන ගනක් ගත්ත සැපක් එහෙම අත්හරින මිනිස්සු නෙවෙයිනේ...පිට පනියි..වැරදියි...එත් ඒ වෙලාවට හිතාගන්න..මේකත් අනිත්‍ය වෙලා යනවා කියල...එහෙම හිතල අයිත් මාර්ගෙට එන්න...
ලෞකික ලෝකෝත්තර ධ්‍යාන
මෙහෙම දකිද්දී මහා අමුතු කායික සැපක් ආකාර 5කින් ඔයාට දැනෙයි.ඒ ප්‍රථම ධ්‍යානයයි.
මේක සැපක් ඒ සැපත් අනිත්‍ය වේලා යනවා කියලා දකින්න ..
දකින්න මෙතෙක් කල් සිදුවුණු හැමදේම අනිත්‍ය වේලා ගිය බව...හිතන්න වර්තමානයේදී අතීතය අංශු මාත්‍රයක් විදිහට අනිත්‍ය වේලා යන බව...දැනගන්න අනාගතයේ ඇතිවෙන ඒ සංස්කාරත් ඒ විදිහටම අනිත්‍ය වෙනවා කියල...එතකොට අයි මම අතිතයේ දේවල් මතක් වේලා පසු තැවෙන්නේ? අයි අනාගතේ ගැන මම ප්‍රර්ථනා හදන්නේ?... ඒ වෙන දෙයක් නිසා නෙවෙයි... සෝවාන් වුනේ නැති නිසයි තාම....සෝවාන් උන කෙනාට අතීත සංස්කාර නැවත මතක් උනත් එක අනිත්‍ය වේලා යන දෙයක් කියලා ඒ ක්ෂනයේදීම සිහියට එනවා...අනාගතය ගැන සිතිවිල්ලක් අවනම් එක ඒ මොහොතේම අනිත්‍යයි කියල දකිනවා...වර්තමානය කියන්නේ අතීතයටත් අනාගතයටයත් හේතු වෙන බිදෙන කඩෙන යලි ඇති වෙන සන්සකරයේ පුත්‍රයා වෙන විඥානයමයි (හිතයි) කියලා දකිනවා...හිත තියෙන්නේ මොලේවත් හදවතේවත් විතරක් නෙවෙයි ඇසෙ කනේ දිවේ සරිරයේ හිතේ මොලේ හැමතැනම තියන දෙයක් කියලා එයා දැනගන්නවා....එයා තව දුරටත් අවිද්‍යාවක් ඇති කරගන්නේ නැහැ...එයාට ඒ නිසා සංස්කාර ඇති වුනත් අනිච්චාවත සංකාරා කියලා දන්නවා දකිනවා...ඒ නිසා අනාගත සංස්කාර එයා රැස් කරන එක එයා අඩපන කරනවා.... හැම ක්‍රියාවක්ම එයා සතිපට්ටානය තුල කරනවා...එයා සෙක්ස් කරත් එයා යතාරුපිව සෙක්ස් කරනවා...එයා බිව්වත් එහෙමයි...එයා කෑවත් ,තරහ ගතටත් එහෙමයි... එයා අතින් වෙන ක්රියාවෙත් වුන ක්රියවෙත් වෙච්ච ක්‍රියාවේත් අනිත්‍ය එයා දකිනවා... එයා තව අත්ම හතකට එහා මේ සංසාරේ ඇවිදින්නේ නැහැ....එයාට අපාය හිමි නැහැ...මොකද විදවන්න හේතු වෙන විඥානායක් කයක් එයාට හිමි වෙන්නේ නැහැ ඉස්සරහට....
එහෙමයි බුදු තාත්තා අපිට දේශනා කලේ...ඒච්චර දෙයක් අපිට කියල දෙන්න උන්නාන්සේ වින්ද දුක අපමණයි...උන්නාන්සේ මේ ලෝකෙට බිහි නොවෙන්නේ අපි හැමෝම තාමත් සසරේ....උන්නාන්සේ දැන් මේ සංස්කාර ලෝකේ තවත් නැහැ....උන්නාන්සේගේ ඇට මස් ලේ නහර වලින් හැදුනු ඒ සරිරේ දැන් අනිත්‍ය වේලා ගිහින්...උන්නනේසේ විඥානය නැවත නාමරූපවලට ඇලෙන්නේ නැහැ...ඒ නිසා ඇස කන නාසය දිව සරීරය හටගන්නේ නැහැ, සලායතන නිරෝදයි...ඒ නිසා ගැටීමක් නැහැ,පස්ය නැහැ....ඒ නිසා ගැටීමක් නැති තැන වේදනාවක් නැහැ...වේදනාවක් දැනීමක් නැති තැන තණ්හාවක් නැහැ...තණ්හාව නැති තැන මම මගේ මගේ ආත්මය කියල ගැනීමක් නැහැ....ආත්මය නැති තැන මම නැති තැන...නැවත හටගැනීමක්,උප්පත්තියක්, සරිරයක් ලැබිල ලෙඩ රෝග වේදනාව දුක් දොම්නස් ජරාව මරණයක් නැහැ...ඉවරයි....ඒ තමයි අපේ බුදු පියාණන් වහන්සේ....ඒ තමයි අපිට පාර පෙන්නපු කෙනා..
පුංචි සැපක් ලබාගන්න සල්ලි ගෙවල් දරුවෝ ගැහැණු පිරිමි වාහන හොයන්න ලොකු පුංචි වංචාවත් මහා පොඩි විභාගවත් පාස් කරපන් නෙවෙයි පුතේ, උබ ලෝකෝත්තර සැපය ලබාගනින් කියලා ඔවදන් දුන්න,
ලෝකේ ඔක්කොම තමන්ගේම දරුවෝ වේලා , තමන්ගේම අම්මල වේලා,තාත්තලා වේලා ,සහෝදර සහෝදරියෝ වේලා, ආදරයන් වේලා, මේ මහා මුහුද තරම් කදුළු ලේ මස් හලපු බව දැක්ක භාව නිරෝදය දැක්ක කෙනා.පාර කිව්වා කෙනා.
ඔන්න එහෙනම් බුද්දානුස්සතියත් වැඩුවා.
.......මේක හරියට මහා කන්දක් නගිනවා වගේ වැඩක්...උඩට යන්න ඕනෙනම් බඩු ලොට් එක ටික ටික අතාරින්න ඕනේ...සියල්ල අතරපු කෙනාටම විතරයි ඇත්තටම මුදුන සිපගන්න පුළුවන්...